ජූනි 10, 2025
tami eng youtube  twitter facebook

    රුපියල් මිලියන 411ක වියදමින් නවීකරණය කළ 80 ක්ලබ් ආයතනය විවෘත කෙරේ

    ජූනි 26, 2023

     පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කලාපයක් ලෙස සංවර්ධනය කෙරේ...
     දැනටමත් එවැනි ඉඩම් 35-40ත් අතර ප්‍රමාණයක් හඳුනාගෙන අවසන්...
     සංවර්ධනය සඳහා දිගුකාලීන බදු පදනම යටතේ ආයෝජකයන්ට බැහැර දීමටත් සැලසුම්...

    පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කලාපයක් ලෙස සංර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

    සභාපතිවරයා පවසන්නේ මේ වනවිට එවැනි වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි 35-40ත් අතර සංඛ්‍යාවක් කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලින් හඳුනාගෙන ඇති බවයි.

    එවැනි ඉඩම් සංවර්ධන කටයුතු සදහා දිගුකාලීන බදු පදනම යටතේ ආයෝජකයන්ට බැහැර කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බව සභාපතිවරයා සඳහන් කරයි. එම ඉඩම් හා ගොඩනැගිලි සංවර්ධනය කිරීමේදී පෞරාණිකත්වයට කිසිදු හානියක් නොවන පරිදි ඒවා සංවර්ධනය කිරීම අනිවාර්ය බවද ඔහු පෙන්වා දෙයි.

    නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා මේ බව කියා සිටියේ, කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” (80 CLUB) ආයතනය මහජනතාව වෙනුවෙන් විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමිණි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ විෂය පථයට අයත් වන නාගරික සංවර්ධන අධිකාරිය සතු බත්තරමුල්ල වෝටර්ස් ඒජ් ආයතනය ඒ සඳහා පහසුකම් සලසයි.

     

    “එයිටි ක්ලබ්” යනු කොළඹ පැරණිතම සමාජ ශාලාවකි. මහනුවර ක්වීන්ස් හෝටලයේ අංක 80 කාමරයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පළමු රැස්වීම පවත්වා ආරම්භ කිරීම හේතුවෙන් මෙම සමාජය “එයිටි ක්ලබ්” නමින් හැඳින්වේ. පසුකලෙක එය මෙලෙස කොළඹ 07 නිදහස් මාවතේ ස්ථාපිත කර තිබේ.

     

    2020 වසරේදී මෙය රජයට පවරා ගැනීමෙන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණි.

     

    ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව මෙය යළි විවෘත කෙරුණේ 2021 වසරේදීය. නව අවන්හල්, රැස්වීම් කාමර සහ පුද්ගලික සිනමා කාමරය ඇතුළු නවීනතම එකතු කිරීම් හරහා වර්තමානය වන විට අලංකාරවත් නිමාවක් එයිටි ක්ලබ් සඳහා ලැබී තිබේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාගරික සංවර්ධන අධිකායේ සභාපති නිමේෂ් හේරත් මහාතා මෙසේ පැවසීය.

    නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ සහ කොළඹ තදාසන්න ප්‍රදේශවල දියුණු කළ හැකි අත්හැර දමා තිබෙන ඉඩම් වල සංඝනනයක් සිදු කළා. ඉඩම් 35ක් 40ක් ප්‍රමාණයක් හදුනාගෙන අපි අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනු ලැබුවා. අපි මේ ඉන්න 80 ක්ලබ් පරිශ්‍රයත් එසේ හදුනා ගන්නා ලද ප්‍රාදේශීය ලේකම් යටතේ පැවැති රජය සතු ඉඩම්වලින් එකක්. මෙය පෞරාණික වටිනාකමක් තිබෙන ගොඩනැගිල්ලක්. නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අංශය විසින් මේ සඳහා යෝජනාවක් ඉදිරිපත් කළා.

    නාගරික සංවර්ධන අධිකාරියේ මිලියන 411 ක මුදලක් වියදම් කරලා 80 ක්ලබ් පරිශ්‍රය නවීකරණය කළා. මේ සදහා අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරනකොට මේවා දියුණු කරලා මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා බැහැර කරන්න ඕනි කියලා අපිට උපදෙස් ලබා දුන්නා. ආයෝජන ඉඩම් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේවා අදුනාගෙන සංවර්ධනය කරගෙන ගියා. කොවිඩ්19 ව්‍යාපෘතිය හා ආර්ථික අර්බුද හමුවේ මීට පෙර මෙය මහජනතාවගේ පාවිච්චිය සදහා විවෘත කර තිබුණේ නෑ. මෙය උසස් ගණයේ හොටලයක් විදියට මහජනතාව අතරට පත් කරනවා.


    දීර්ඝකාලීන සැලසුම වෙන්නේ අපි විසින් වියදම් කළ මුදල ආවරණය කර ගන්න මෙය දිගු කාලීන බදු පදනම මත අයෝජකයෙක්ට බැහැර කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම වී තිබෙන්නේ. මෙය නාගරික සංවර්ධන අධිකාරය සතු ඉඩමක්. මෙහි ආහාර පාන ඇතුළු සියළු දේ සපයන්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති වෝටර්ස් එජ් හෝටලය මගින්. මෙහි සම්පූර්ණ කටයුතු සිදු වන්නේ වෝටර්ස් ඒජ් ආයතනය තුළිනුයි.

     

    ලංකාවේ එක එක ස්ථවර වල රෙස්ටුවරන්ට් හා හෝටල් තිබෙනවා. මෙය ඉහළම ස්ථරයේ හෝටලක් ලෙස පාවිච්චි කරන්නේ. මිල ගණන් අඩු මට්ටමිකින් නැති වෙන්න පුළුවන්. මෙය මහජනයා සඳහා විවෘතයි. තමන්ගේ ඕනෑම උත්සව අවස්ථාවක් මෙහිදි පැවැත්වීමට හැකියාව තිබෙනවා. මේ වගේ තිබෙන තවත් ගොඩනැගිලි රැසක් හදුනගෙන තිබෙනවා. විසුම්පාය, ගෆුර් ගොඩනැගිල්ල, හොටෙල් ක්ලබ් ගොඩනගිල්ල, ජී.ඕ.එච්. ගොඩනැගිල්ල.ගෆුර් ගොඩනැගිල්ල සදහා ආයෝජකයින්ට කතා කරලා තිබෙනවා.


    ජනාධිපතිතුමාගේ සංකල්පය මත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමඟ සාකච්ඡා කරලා ගොඩනැගිලි ජාතික උරුම කලාපයක් ලෙස සංර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. 2048 වෙනකන් කොළඹ මහ නගර සැලැස්ම ක්‍රියාත්මක කරන්න කියලා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සාකච්ඡා වට ගණනාවක්ම තිබ්බා. මාස 06ක කාලයක් තුල අපි කරන්න බලාපොරොත්තු වනවා.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya