ඒ ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී යි.
දිවයිනේ සියළු දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි තෝරා ගත් පාසල් වල 09,10,11 ශ්‍රේණි වල සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන පැවැත්වීම සිදු කෙරේ. එම තරඟාවලිය වට හතරකින් සමන්විත වන අතර එමඟින් හෙළ වෙදකමේ ඉතිහාසය හා එහි පැවැත්ම පිළිබඳ කරුණු විමසමින් දැනුවත්භාවයක් ලබා දීම, හෙළ වෙදකමේ අභිමානය පාසල් ළමුන් තුළ ජනිත කරවීම හා එය අනාගතය වෙත සම්ප්‍රේෂණය කිරීම, පාසල් ළමුන් ස්වාභාවික ආහාර පාන හා දේශීය ඖෂධ භාවිතය සඳහා හුරු කරවීම මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව උසස් අධ්‍යාපනික විෂයයන් හා අවස්ථා සඳහා පාසල් දරුවන්ගේ උනන්දුව වැඩිකිරීම මෙහි මූලික අභිප්‍රායයි.
මෙම “සුව ධරණී-සිසු නැණ දිරිය” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට සමගාමීව ඒ සඳහා සහභාගී වන පාසල් වෙත ඔසු උයන් පිහිටුවීම උදෙසා ඔසු පැළ ලබා දීම, අවශ්‍ය තාක්ෂණික දැනුම අවබෝධය ලබා දීමද දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබයි.