ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    “ගොවි මිතුර සේවා ”නමින් අන්තර්ජාල යෙදවුමක්

    ජූනි 26, 2023

    “ගොවි මිතුර සේවා ”නමින් අන්තර්ජාල යෙදවුමක් ( ඇප් ) තේ පර්යේෂණ සැමැරුම් දිනයේ දිනයේ හදුන්වා දිමට බලාපොරොත්තු වන බවත් Ceylon Tea යන නාමය ලෝකය පුරා ගෙන යාමට සියලු පර්යේෂණ සිදු කරමින් සිටින බවත් තේ පර්යේෂණ ආයතනයේ සභාපති සි.එස්.ලොකුහෙට්ටි මහතා සඳහන් කරයි.

    ඒ මහතා මේ බව සදහන් කළේ, අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    වැඩිදුරටත් අදහස් දැක් වු සභාපතිවරයා,මෙම සියලු පර්යේෂණ ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරියාගේ සිට පහළ කම්කරුවා දක්වා දැන ගැනිම පිනිස “Open day”හෙවත්“ විවෘත දිනයක්”ජුනි මස 29 හා 30 යන දෙදින තලවාකැලේ තේ පර්යේෂණ ආයතනනයේදී කර්මාන්ත අමත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නියමිතය.

    නව ගෝලීය වෙළඳපොලට අවශ්‍යවන පරිදි,අභියෝගවලට මුහුණ දෙමින් තේවලින් ලැබෙන ඉල්ලුම වැඩි කිරීම සඳහා ඖෂධිය මට්ටමින් තේ කුමන ආකාරයේ වෙළඳපොළට හදුන්වාදිය යුතු ද යන්න මේ වන විට පර්යේෂණ ඔස්සේ කරන බව සභාපතිවරයා කීය.


    තේවලින් වයින් සෑදීමේ ව්‍යාපතියක් මෙ වනවිට ආරම්භ කර ඇතැයි ද සභාපතිවරයා කීය.එසේම විවිධ වර්ගයේ තේ හඳුන්වාදෙමින් ජාත්‍යන්තරවෙළඳපොලේ ඉහළ මිලක් ලබා ගැනීමට තේ පර්යේෂණ ආයතනය මගින් සිදු කෙරේ. මෙම ප්‍රදර්ශනයෙන් දැනුම ,ආකල්ප, කුසලතා වර්ධනය කිරීම හා ඊට උපදෙස් ලබා දීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya