ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    විදෙස් රටවල ශ්‍රී ලංකාවේ ආයුර්වේදය ප්‍රවර්ධනයට විශේෂ සාකච්ඡාවක්

    ජූනි 26, 2023

    ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) හා එක්ව විදෙස් රටවල ශ්‍රී ලංකාවේ ආයුර්වේදය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ‌දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) මරදානේ පිහිටි දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණ.

    විශේෂයෙන් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන විදෙස් රටවල් වෙත අපනයනය කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණයි. ඒ වෙනුවෙන් තාක්ෂණය, යන්ත්‍රෝපකරණ සහ වෙළඳ‌පොළෙහි පවතින ගැටළු ඔවුන් වෙත ඉදිරිපත් කළ අතර, ඊට අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සහ JI Promotions (Pvt) Ltd ආයතනයත් සිය එකඟතාවය පළ කරන ලදී.

    තවද ජපානය තුළ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත්, ජපානය තුළ සිටින ව්‍යාපාරික ආයතන දැනුවත් කර දේශීය සහ ආයුර්වේද නිෂ්පාදන විකිණීම සහ ප්‍රචලිත කිරීමටද ඔවුන් එකඟ විය.

    මෙම සාකච්ඡාව සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විශේෂ උපදේශක Mihara Asahiko, LJ Business Promotions (Pvt) Ltd ආයතනයේ ඒකාබද්ධ නියෝජිත Takayuki Hirose, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ආචාර්ය අනුර ඇතුලත්මුදලි, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සබඳතා ප්‍රවර්ධනය කිරීමේ උපදේශක ආචාර්ය රුවන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු ජපාන නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya