අනුරාධපුර දිස්ත්‍රික් ලෙක්ම් ජනක ජයසුන්දර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත වැඩසටහන සංවිධානය කොට ඇත්තේ මිනිස්බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලය මගිනි. අනාගත වෘත්තිය අභියෝග ජය ගැනීමට මං පෙත් සොයා යන දූ දරුවන්ට මෙන්ම තමන්ට ගැලපෙන වෘත්තිය ක්ෂේත්රය තෝරාගැනීමට අවශ්‍ය පිරිස් සඳහා මෙම වැඩසටහන මහගු අවස්ථාවක් වනු ඇත.
උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් වීමට, ප්‍රදේශයේ සහ බාහිර ආයතනවල පුහුණු පාඨමාලා පිළිබඳ තොරතුරු දැනගැනීමට මෙය මහගු අවස්ථාවක් වේ. ජර්මන් ටෙක් ආයතනය, හෝටල් පාසල, රජරට විශ්ව විද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලය, උසස් තාක්ෂණ ආයතනය, දොන් බොස්කෝ ආයතනය, කාර්මික සංවර්ධන මණ්ඩලය, තරුණසේවා මධ්‍යස්ථානය, කුරුණැගල නව හෙද අධ්‍යාපන ආයතනය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, විදේශ සේවා අංශය, NAITA,VTA යන ආයතන එදිනට සහභාගී වීමට නියමිතයි.
දානට පවත්නා පාඨමාලා මෙන්ම ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත පාඨමාලා, ඒවාට සම්බන්ධ වන ආකාරය ඇතුළු වැදගත් අවස්ථාවන් රැසක් එදිනට ලබා ගත හැකි වේ.
එමෙන්ම මිනිස්බල හා රැකි රක්ෂා දෙපාර්තුමේන්තුවේ වෘත්තිය මාර්ගෝපදේශක අංශය පැමිණෙන පිරිස් වෙත වෘත්තිය මාර්ගෝපදේශනය ලබා දීමටද සූදානමින් සිටී. වෘත්තිය පුහුණුව සහ උසස් අධ්‍යාපනය අපේක්ෂාවෙන්
සිටින සියලු දෙනාට එදිනට සහභාගී විය හැකිය.
එලෙස සහභාගී වීමට කැමති අය CAREER FAIR යනුවෙන් කෙටි පණිවිඩයක් පහත දුරකථන අංක වෙත යොමු කරන්න.
0711265526 - වාසල මහතා
0703890577- නිශ්ශංක මහතා
0716518364 - වසන්ත මහතා