ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    සුදු මැස්සාගේ හානිය වැළැක්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ජෛව විද්‍යාත්මක විසඳුමක්

    ජූනි 27, 2023

    දිවයින පුරා පොල් වගාවට තර්ජනයක් එල්ල වී ඇති සුදු මැස්සා ගේ හානිය වැළැක්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජෛව විද්‍යාත්මක විසඳුමක් ලෙස Encarsia guadeloupae නැමැති පරපෝෂිතයා හඳුන්වා දී තිබේ.

    2019 සිට මෙරට පොල් වගාවටත් ඉන් අනතුරුව පලතුරු හා එළවළු වගාවටත් සුදු මැස්සාගේ හානිය බරපතල ලෙස සිදුවූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දේ.

    ඒ අනුව සුදුමැස්සගේ හානිය පාලනය සඳහා සොබාවිකව වර්ධනය වන පරපෝෂිතයෙක් වන Encarsia guadeloupae නැමැති පරපෝෂිතයා පොල් සංවර්ධන මණ්ඩලයට හා පොල් පර්යේෂණායතනයට හඳුන්වා දීම අද (27) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.


    සුදු මැස්සා පාලනය සඳහා හඳුන්වා දී තිබෙන නව පරපෝෂිතයා හඳුනාගනු ලැබ තිබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාඥ අතිරේක අධ්‍යක්ෂ ප්‍රභාත් නිශාන්ත මහතා වේ.මෙම පරපෝෂිතයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රසායනාගාර තුළ ගුණනය කිරීම මගින් නොමිලයේ ම ගොවින්ට ලබා දීමට කටයුතු සුදානම් කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.


    මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සුදු මැස්සා පාලනය සඳහා පසුගිය කාලය තුළ බොහෝ ක්‍රියාමාර්ග ගත් නමුත් ඒ සියල්ල ප්‍රතිඵල රහිත වූ බව සඳහන් කළේය.නමුත් මෙම පරපෝෂිතයා ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණ නිසා පොල් වගාව තුළ පැවැති සුදුමැස්සන් ගහනය සියයට 95 සිට සියයට 05 දක්වා අවම වූ බව ද අනාවරණය විය.


    මෙම වැඩසටහනට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ , කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් යන මහත්ම මහත්මීන් සහ පොල් පර්යේෂණායතනයේ නිලධාරින් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya