ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    බැංකු ගනුදෙනුවලට කිසිදු බාධාවක් සිදු නොවේ- ජුනි 30 දින බැංකු නිවාඩුව ගැන මහබැංකු අධිපති කියයි

    ජූනි 27, 2023

    එළඹෙන ජුනි 30 දින බැංකු නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් බැංකු ගනුදෙනුවලට කිසිදු බාධාවක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

    ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පුර්ණයෙන් අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීම සඳහා ලබන 30 වන දින බැංකු නිවාඩු දිනයක් බවට පත් කළ බවයි

    දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ ද ජනතාවට අත්‍යවශ්‍ය බැංකු කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවද හෙතෙම පැවසීය.
    මෙම බැංකු නිවාඩුව ප්‍රකාශයට පත් කිරීම තුළින් බැංකුවල ගනුදෙනුවලට, විශේෂයෙන් සාමාන්‍ය නිවාඩු දවසක සිදුකරන බැංකු ගනුදෙනු, ATM, ඔන්ලයින් බැංකු ගනුදෙනු, අන්තර්ජාලය හරහා කරන බැංකු ගනුදෙනුවලට කිසිදු බාධාවක් නැතැයි හෙතෙම සඳහන් කළේය.

    සාමාන්‍ය අපි දන්නවා සමහර බැංකු නිවාඩු දිනවලත් ක්‍රියාත්මක වෙනවා. weekend banking කියලා තියෙනවා. ඒ කිසිම බැංකු ගනුදෙනුවකට මුදල් ලබාගැනීමට මේ තුළ කිසිම බාධාවක් නෑ. සාමාන්‍ය බැංකු කටයුතු කරගෙන යන්න පුළුවන්. මේ වගේ දීර්ඝ බැංකු නිවාඩු දිනයන්වල පවා ජනතාවට අවශ්‍ය කරන බැංකු කටයුතු කරගැනීමට සියලු පහසුකම් සලස්සනවා."

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya