ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ධීවර සංගම් අතර ගැටුම් ඇති නොවී ක්‍රියා කිරීමට යාන්ත්‍රණයක් ඇති කළ යුතුයි - ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද

    ජූනි 27, 2023

    ධීවර කර්මාන්තයේදී ධීවර සංගම් වල හා ධීවරයන් අතර පවතින ගැටලු විසඳීම සඳහා අමාත්‍යවරයා ලෙස තමන් මැදිහත් වන බවත් එසේ නොවන අවස්ථාවන් වලදී පවතින ගැටලු විසඳීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකරේ පසුගියදා (22) අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ කාර්යාලයේදී යාපනය දිස්ත්‍රීක්කයේ ධීවර සංගම් හා ජාතික ධීවර සම්මේලනයේ නියෝජිතයන් සමග පැවති රැස්වීමක දී ය.

    මෙහිදී විශේෂයෙන් තහනම් ධීවර කටයුතු නවතාලීම, මුහුදු කූඩැල්ලන් වගා පොළවල් ඉදි කිරීමේදී පවතින ගැටලු, චීන රජයෙන් ලබාදෙන භූමිතෙල් බෙදාහැරීම, ගුරු නගර් ධීවර ප්‍රජාවගේ බෝට්ටු, කයිට්ස් ප්‍රදේශයේ පිහිටුවා ඇති කන්නගී අම්මාන් තොටුපළේ නවතා තැබීමෙන් ඇතිවන අපහසුතා ඇතුළු නොයෙකුත් කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා සිය අවධානයට ලක් කළේය.

    මෙම අවස්ථාවට උතුරේ ධීවර සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya