ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි - තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය

    ජූනි 28, 2023

    ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය (SL-UDI) ක්‍රියාත්මක වෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව මෙම හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පුරවැසියන්ගේ ජීව දත්ත තොරතුරු, ජෛවමිතික ලක්ෂණ (ඇඟිලි සලකුණු ලබා ගැනීම, මුහුණ, ඇස, කළු ඉංගිරියාව ඡායාරූපගත කිරීම) ඇතුළත් ජාතික පුද්ගල නාම ලේඛනයක්, මධ්‍ය පද්ධතියක් ලෙස ස්ථාපිත කෙරෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

    තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඉහත ප්‍රකාශය සිදු කළේ, පසුගියදා පැවැති නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරයේ තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේදීය.

    තවද, පුරවැසියාගේ උප්පැන්න සහතිකයේ සිට සියලුම ලේඛනවල එක් හඳුනාගැනීමේ අංකයක් යටතේ තොරතුරු ඩිජිටල්කරණය කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
    එහිදී අදාළ නිලධාරීන් ප්‍රකාශ කළේ ඒ සඳහා වූ යෝජනා මේ වන විටත් අනුවර්තනය කොට ක්‍රියාත්මක කෙරෙමින් පවතින නමුත් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ පවතින දුර්වලතා හේතුවෙන් එය නතර වී ඇති බවයි.

    ප්‍රමාදයන් සහ පසුබෑම් ඇති කරන අතීත ලේඛන ඩිජිටල් කිරීමට උත්සාහ කරනවාට වඩා, මෙම ක්‍රියාවලිය එක් කණ්ඩායමකින් අලුතින් පටනගෙන ඉදිරියට ගෙන යාමට උත්සහ කරන ලෙස කමිටුව මෙහිදී යෝජනා කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya