ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    වන අලි, මිනිස් ගැටුම විසඳීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසඳුමක් යෝජනා කරන්න

    ජූනි 28, 2023

    වන අලි, මිනිස් ගැටුම විසඳීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසඳුමක් යෝජනා කරන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත.

    අලි මිනිස් ගැටුමට ස්ථීර විසඳුමක් සෙවීම සඳහා පසුගියදා (26) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

    වන අලි, මිනිස් ගැටුම විසඳීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසඳුමක් යෝජනා කරන ලෙස එහිදී අමාත්‍යවරිය පැමිණ සිටි අමාත්‍ය උපදේශක කමිටු නිලධාරීන්ට හා අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු නිලධාරීන්ට දැනුම් දෙන ලදී.

    දීර්ඝ කාලයක සිට නොවිසඳුනු ගැටලුවක් බවට පත්වූ අලි මිනිස් ගැටුම විසඳීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා වූ පුළුල් විද්වත් සාකච්ඡාවක අවශ්‍යතාවද එහිදී අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

    මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් චන්ද්‍රා හේරත්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, අධ්‍යක්ෂ මෙහෙයුම් රංජන් මාරසිංහ, අධ්‍යක්ෂ ව්‍යාපෘති මංජුල අමරරත්න,අධ්‍යක්ෂ සෞඛ්‍ය වෛද්‍ය ජී.ඒ. තාරක ප්‍රසාද්, යූ.එල් තව්ෆික්, උපදේශන කමිටු සාමාජිකයන් වන දිල්රුවන් රාජපක්ෂ, චන්දන පෙරේරා, මහේෂ් බණ්ඩාර, ජී. මනිලාල්, රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති භාෂ්වර ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරින් පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya