ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ජනතාවට පළක් නොවන ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කරන්නේ නෑ - මුදල් රාජ්‍ය අමාත්‍ය

    ජූනි 29, 2023

    ව්‍යාපෘති ආරම්භයට පෙර ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරනවා.

    ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමේ දී ඒවායෙන් ජනතාවට ඇති ප්‍රයෝජනය පිළිබඳ නිසි අධ්‍යනයක් කළ යුතු බවත්, එසේ නොවන ව්‍යාපෘති සඳහා මුදල් වෙන් නොකරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.

    විවිධ ආණ්ඩු යටතේ ආකර්ෂණීය නම්වලින් ආරම්භ කර ඇති ඇතැම් ව්‍යාපෘතිවලින් ජනතාවට කිසිදු සේවයක් සිදු ව නොමැති බව හෙතෙම පෙන්වා දෙයි. සේමසිංහ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. සාකච්ඡාව (28) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    2016 වසරේ දී සංවර්ධනය සඳහා වූ ප්‍රංශ ඒජන්සියේ ආධාර මත ක්‍රියාත්මක වූ අදාළ ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත වියදම යූරෝ මිලියන 62.4කි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කළ ඇතැම් ගොඩනැගිලි පවා අද වන විට භාරකරුවන් නොමැති ස්ථාන බවට පත්ව ඇති බවයි. ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රදේශයේ ජනතා නියෝජිතයන්ගේ අදහස් නොවිමසා කටයුතු කිරීම මෙයට එක් හේතුවක් බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

    අදාළ ව්‍යාපෘතිය යටතේ එකිනෙකට සම්බන්ධයෙක් නොමැති සංවර්ධන ව්‍යාපෘතිය රැසක් සිදු කර ඇතැයි පැවැසූ අමාත්‍යවරයා සඳහන් කළේ දුම්රිය ස්ථාන සංකීර්ණය සහ ගුවන් විදුලි සංස්ථා එළිමහන් රංග පීඨය ද හිමිකරුවන් නොමැති තත්ත්වයකට පත්ව ඇති බවයි.

    ව්‍යාපෘතියේ හයවැනි අදියර යටතේ ක්‍රියාත්මක වූ අනුරාධපුර දක්ෂිණ බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයේ කටයුතු අත්හිටුවා තිබීම හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. එබැවින් එම ස්ථානය ජනතාවට සේම බස් ගමනාගමනයට පහසු වන ලෙස සකස් කරන ලෙස අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

    ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරය නියෝජනය කරමින් නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya