ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    කොළ මඬින යන්ත්‍ර උපයෝගී කර ගොයම් කැපීමේ දී අස්වනු හානියක් සිදු වන්නේ ද සොයන්න උපදෙස්

    ජූනි 29, 2023

    කොළ මඬින යන්ත්‍ර උපයෝගී කර ගොයම් කැපීමේ දී අස්වනු හානියක් සිදු වන්නේ ද සොයන්න උපදෙස්

    ගොයම් කැපීම සඳහා බහුලව යොදා ගන්නා සංයුක්ත කොළ මඬින යන්ත්‍ර උපයෝගී කර ගනිමින් ගොයම් කැපීමේ දී අස්වනු හානියක් සිදු වන්නේ ද යන්න සම්බන්ධව වහාම අධ්‍යයනයක් සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් සමග (27) පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

    මෙම සංයුක්ත කොළ මඬින යන්ත්‍ර (භූතයා සහ සුනාමි ලෙස හැඳින්වෙන යන්ත්‍ර) භාවිතයේදී වී අස්වනුවල නාස්තියක් සිදුවන්නේ නම් එම නාස්තිය අවම කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකසන ලෙස ගොවි සංවිධාන කෘෂිකර්ම අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් කර තිබේ.

    විශේෂයෙන් මෙම පැසුණු ගොයම් කපන විට වී අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් අපතේ යන බව වාර්තා වී තිබේ. එමනිසා භූතයා හා සුනාමි යන්ත්‍ර උපයෝගී කර ගනිමින් අස්වනු නෙළන විට අස්වනු හානියක් සිදු නොවී ගොයම් කැපිය යුත්තේ කුමන අවස්ථාවේ ද යන්න සම්බන්ධව ගොවි ජනතාවට දැනුමක් ලබා දීමටත් පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
    මේ වනතෙක් භූතයා හා සුනාමි වැනි සංයුක්ත කොළ මඬින යන්ත්‍ර උපයෝගී කර ගනිමින් අස්වනු නෙළීමේ දී සිදු විය හැකි අස්වනු නාස්තිය හා හානිය සම්බන්ධව කිසිදු අධ්‍යයනයක් සිදු කර නොමැත.

    නමුත් දැනට වාර්තා වී ඇති පරිදි ගොයම් කැපීම සඳහා උචිතම අවස්ථාව පසුවීම හේතුවෙන් විශාල අස්වනු හානියක් සිදුවිය හැකි බවත් එය බොහෝ විට සියයට 2-3ත් අතර ප්‍රමාණයක් විය හැකි බවද වාර්තා වේ.

    එහෙත් මෙම කරුණුවල ඇති නිරවද්‍යතාවය සම්බන්ධව නිසි අධ්‍යයනයක් සිදු කරන ලෙසත්, එම අස්වනු නාස්තිය වළක්වා ගැනීමට ගත යුතු පියවර සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ ගොවි ජනතාව දැනුම්වත් කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya