ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ඔබ සැමට ප්‍රීතිමත් හජ් උත්සව දිනයක් වේවා!

    ජූනි 29, 2023

    සුභාශිංසනයයි!

    තමන් කවර පැළැන්තියකට අයත් වුව, මනුෂ්‍යයන් ලෙස එකට -එක්ව සිතින් බැඳී දුකේදී හා සැපේදී එකිනෙකා කෙරෙහි කරුණාව, පරිත්‍යාගශීලි බව සහ ඉවසීම පතුරවන ඊදුල් අල්හා නමැති හජ්ජි උත්සව දිනය සමරන අපේ සියලු ලාංකික , මුස්ලිම් සහෝදර - සහෝදරියන්ට මාගේ හෘදයංගම සුභාශීංසනය මෙසේ පිරිනමමි.

    මුළු ලෝකයටම දීර්ඝ කලක් තිස්සේ බලපාන, පවතින අසීරු තත්ත්ව යටතේ පවා , මක්කම වන්දනාවේ යන , ඔබ සියලු දෙනා මෙසේ එක්ව සමරන්නේ ,නබි තුමාණන් සිය දිවියෙහි කළ අසීමිත පරිත්‍යාගයන්ය. වාර්ෂික හජ් වන්දනාව සඳහා ලොව දස දෙසින් ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් බැතිමතුන් මක්කම නගරය සහ එහි අවට රැස්වීම, මුළු මහත් ලෝක මුස්ලිම් සමාජයේ එකමුතුභාවය පිළිබිඹු කිරීම සැබැවින්ම සතුට දනවයි.

    ඔබ සැමට ප්‍රීතිමත් හජ් උත්සව දිනයක් වේවා!

    මහින්ද යාපා අබෙිවර්ධන,
    කථානායක,
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya