ඒ අනුව, මෙතෙක් පවත්වාගෙන ආ අවම ගාස්තුව සහ ඉදිරියට යන ගාස්තු අවස්ථා 350 ත් ඒ ආකාරයෙන්ම කිසිඳු වෙනසක් නොකර අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජාතික ප්‍රතිපත්තිය බස්ගාස්තු අනුව ජූලි පළවෙනි දා දිනට වාර්ෂික බස් ගාස්තුවේ වෙනසක් වන්නේ ද යන්න සෑම වසරකම සිදු කෙරේ.
මෙම වසරේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප්‍රතිපත්තිමය එකඟත්වය මත කොන්දේසි වලට යටත්ව කරන ලද ගණනය කිරීම් වලට අනුව 6.4% ක බස්ගාස්තු වැඩිවීමක් පෙන්නුම් කළ අතර බස්රථ හිමි සංගම් ද බස්ගාස්තු වැඩිවීමක් පළමුවර අවශ්‍ය බව පැවසුවත්, පෙර පැවති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ 20% ක බස්ගතුවක් ලබා දුන් අතර ඉන් 10%ක් බස් ගාස්තුව මීට මාස කිහිපයකට පෙර අඩු කිරීමට කටයුතු කළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මහජනයාට බස්ගස්තුව ඍජුවම බලපාන හෙයින් ඉතිරි බස්ගස්තුවේ 10% මෙවර තුළනය කිරීමෙන් අනතුරුව මෙවර වාර්ෂික බස් ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොකෙරන බවත්, මේ පිළිබඳව බස්රථ හිමි සංගම් සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ එකඟතාවය ද මීට හිමිව ඇති බව හෙතෙම මෙහි දී පැහැදිළි කළේය.
එමෙන්ම, මඟීන්ගෙන් වැඩිපුර මුදල් ලබා නොගන්නා ලෙසත් අවධාරණය කළ ඒ මහතා මේ පිළිබඳව මඟීන්ගෙන් විවිධ පැමිණිලි ලැබී ඇති බවත්, 1955 ක්‍ෂණික දුරකථනය ඔස්සේ මඟීන් ට මේ පිළිබඳව පැමිණිලි කළ හැකි බවත්, ඒ අනුව ලබන සතියේ සිට මේ සම්බන්ධව කටයුතු කරන බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ (සැළසුම්) ආලෝකා කරුණාරත්න යන නිළධාරීහු සහභාගී වූහ.