ඒ අනුව අද (1) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
අග්රාමාත්යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ට අනුව මෙම නිවේදනය සිදු කරන බවද කථානායකවරයා දන්වා සිටී.
දේශීය ණය ප්රශස්තකරණය ක්රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය අද (01) පමණක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.
මේ අනුව (01) පෙ.ව 9.30 සිට ප.ව 7.30 දක්වා එම යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහොත් එය ප.ව 7.30 ට පැවැත්වෙනු ඇත.
මේ අතර ලබන සතියේ 4 වැනි අගහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවත්වීමට මෙහිදී තීරණය වූ බවද මහලේකම්වරිය පැවසීය. මේ අනුව පාර්ලිමේන්තුව ලබන සතියේ 5,6 සහ 7 යන තෙදින පමණක් රැස්වීමට නියමිතව තිබේ.