ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    64 වන කණ්ඩායමත් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටව යයි

    ජූලි 01, 2023

    ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් පිරිසක් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් (30 දින) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී.

    ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 64 වන ශ්‍රමික කණ්ඩායම වන මෙම පිරිසට කාන්තාවන් හත් දෙනෙකු අයත්වන අතර එම පිරිස 2023.07.04 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර 2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 397 ක් සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා වරම් හිමිව තිබේ.

    ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya