ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

      විදුලි ගාස්තු අඩුකිරීමට තීරණයක්

    ජූනි 30, 2023
     සියයට 14.2 කින් විදුලි ගාස්තු අඩුකිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා‌ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
     ඒ අනුව හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ අංශයේ ඒකක 0 ත් 30ත් අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65ක් ගාස්තු අඩු වීමක් සිදුවන අතර ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු වේ. මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වා අඩු වේ.
     
    ඒකක 60 ට අඩු කාණ්ඩයේ ඒකක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා අඩුකෙරෙන අතර මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කෙරේ.
     
    ඒකක 91ත් 120ත් කාණ්ඩය සඳහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා අඩු කෙරෙනු ඇත.
     
    ආගමික ස්ථාන සඳහා සියයට 16ක ගාස්තු අඩුවීමක් ලබාදී තිබේ. අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථානවලට ඒකකය රුපියල් 10 බැගින් (රුපියල් 30 සිට 10 දක්වා අඩු කෙරේ)
     
    හෝටල් අංශය සදහා සියයට 26.3ක ගාස්තු අඩුවීමක් සිදු කර ඇති අතර 
    කර්මාන්ත අංශය සදහා සියයට 9ක ගාස්තු අඩුවීමක් ද වාණිජ ගොඩනැගිලි වල විදුලි ගාස්තු සියයට 5කින් ද රජයේ ගොඩනැගිලි වල විදුලි ගාස්තු සියයට 1 කින් අඩු කර ඇත.
     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya