අද (01) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව කීය.
මේ රටේ සෑම රජයක් ම කළ වැරදි තීන්දු නිසා සිදු වූ ආර්ථික අවපාතය ඇති වුණා. මේ බංකොළොත් ආර්ථිකයෙන් ගොඩ ඒමට කළ යුතු කාර්යභාරය කුමක් ද? එය තමයි අපි මේ කරන්නේ. අයි.එම්.එෆ් (IMF ) එකට යන්න ඕන කියලා පාර්ලිමේන්තුවේ බහුතරයක් කිව්වා. ගියාම කියනවා අපි මේක නිගෝෂියෙට් කළේ නෑලු.
විදෙස් ණය හිමියෝ තීන්දු ගන්නේ පුද්ගලයෝ මත නොවේ. අපිට කොන්දේසි දාන්න බෑ. දේශපාලන වාසි නිසා කියනවා, රජය නිගෝෂියෙට් කළේ නෑ කියලා.
භූ දේශපාලනය, රාජ්‍ය නායකයෝ මෙන් ම එන්න සිටින නායකයොත් තේරුම් ගත යුතුයි. විපක්ෂයේ සමහර අය බිල්ලෙක් මවා පෑවා. අද විපක්ෂයට කියන්න දෙයක් නෑ. අපි උපරිම ලෙස වැඩකටයුතු කරලා තියෙනවා. අපි කරලා තියෙන්නේ,රට වැටුණු ආර්ථිකයෙන් ගොඩ අරගෙන ජනතාවට සහනයක් අරගෙන දෙන්න.
ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙල එදා වේල වැඩපිළිවෙලක් නොවේ.දීර්ඝ කාලීන දැක්මක් සහිත වැඩපිළිවෙලක්.සමස්ත ආර්ථිකය ගොඩ නැගීමට නිසි දැක්මක් සහ වැඩපිළිවෙලක් සහිත වැඩපිළිවෙලක්. මෙවැනි ගැඹුරු ආර්ථික තීරණ හා ප්‍රතිපත්ති පිළිගන්න සමහර අය කැමැති නෑ. දේශපාලන හා කෙටිකාලීන කෝණයෙන් බලන්නේ දේශපාලන වාසි ගන්න. නිවැරැදි දේශපාලන තීන්දු අරගෙන ගෙදර ගියත් කමක් නෑ. ජනාධිපතිතුමා ජනප්‍රිය දේශපාලන තීන්දු ගන්නේ නෑ. නිවැරැදි දේශපාලන තීන්දු ගන්නේ යැයි අමාත්‍යවරයා පැවසීය.