පසුගිය වසරේ මේ රට පැවති තත්වය සම්බන්ධයෙන් ප්‍රබුද්ධ ලෙස සිතා බලා මෙම ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙක් කටයුතු කළ යුතු බවද හෙතෙම පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,
මෙමගින් සිදු කරන්නේ රටේ ආර්ථිකය යම් ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම. මෙම තිබෙන තැනින් එළියට ඒම. සාමාන්‍ය ජනතාවට අවම බලපෑමක් ඇති වන පරිදි ණය තිරසර භාවය ඇති කර ගැනීමක් . මෙහි හංගල කරන්න දෙයක් නැහැ. මේ සියල්ල විවෘතයි පසුගිය දවස් වල බීබීසී එකේ පවා ප්‍රචාරය කරනවා ලංකාවේ දවස් 05ක් බැංකු වහලා කියලා. ජුනි 30 සෑම වසරකම බැංකු නිවාඩු දිනයක්. නමුත් දෙස් විදෙස් මාධ්‍ය වල වාර්තා කරන්නේ ලංකාවේ දින 05ක් බැංකු වහලා කියලා. මේ යෝජනාව අද නොගෙනාවත් දින 05ක් බැංකු වහලා. මේ විදියට විශාල ආන්දෝලනයක් රට තුළ ඇති කරන්න උත්සාහ කරනවා.