ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    රටක් හැටියට ගත් තීරණ නිසා යම් ස්ථාවර මට්ටමක සිට අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදෙන්නටත් ජනතාවට සහන ලබාදෙන්නත් හැකි වුණා

    ජූලි 01, 2023

    රටක් හැටියට ගත් තීරණ නිසා යම් ස්ථාවර මට්ටමක සිට අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදෙන්නටත් ජනතාවට සහන ලබාදෙන්නත් හැකි වී තිබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (01) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

    පාරිභෝගිකයන් ලක්ෂ 17ක් ඉන්න ඒකක 30ක් දක්වා වන කාණ්ඩය සියයට 65%කින් විදුලි බිල අඩු වෙනවා. පාරිභෝගිකයන් ලක්ෂ 18ක් ඉන්න,ඒකක 30-60 අතර සියයට 47%කින් විදුලි බිල අඩු වෙනවා. පාරිභෝකිකයින් ලක්ෂ 13ක් ඉන්න, එකක 60-90 අතර සියයට 24%කින් බිල අඩු වෙනවා. ඒකක 90-120 අතර සියයට 19%කින් විදුලි බිල අඩු වෙනවා.
    ඒ වගේම ආගමික ස්ථානවලත් අඩු වෙනවා. සංචාරක ක්ෂේත්‍රයෙත් අඩු වෙනවා. රටක් හැටියට අමාරු තීන්දුවක් ගත්තත්,ගත් තීරණ නිසා යම් ස්ථාවර මට්ටමක සිට අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදෙන්නටත් සහන ජනතාවට ලබාදෙන්නත් හැකි වී තිබෙනවා.

    බොහෝ දෙනෙක් අද චෝදනා එල්ල කරනවා, ගත්ත ප්‍රතිපත්ති තීන්දු ගත්තේ සහනාධාර ක්‍රමවේදනය කළමනාකරණය් කර නොගත් නිසා මේ තත්ත්වයට පත් වෙලා. අද ලොකයේ හැම රටක් ම ආර්ථික අභියෝගයට මුහුණ දෙනවා.

     

    මීට වැඩිය සුදුසු මොකක්ද කියලා යෝජනා කරනවා. රජය සහතික දීලා තිබෙනවා. බැංකුවල තැම්පතුවලට කිසිම හානියක් නෑ කියලා. පොළී අනුපාතය අඩුවෙලා ආර්ථිකය හොඳ මට්ටමකට එනකොට විපක්ෂය විපක්ෂයේ සටන් පාඨ ඈත් වෙලා, එකම සටන් පාඨයක්වත් නැති වෙනවා. ජනවාරි මාසය වනවිට මීට වඩා විදුලි බිල අඩු කරන්නට කටයුතු කරනවා.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya