තෙමසකට වරක් පැවැත්වෙන මෙම විශේෂ සමුළුව සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්, රෝහල් අධ්යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්, ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් රෝහල් වෛද්‍ය අධිකාරිවරුන් , ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් සහභාගී වේ.
මෙහිදී ප්‍රධාන රෝහල් මෙන්ම ප්‍රාදේශීය රෝහල් වල පවතින වෛද්‍ය , හෙද ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල පිළිබඳ තත්වයන්, බන්ධනාගාර රෝහල් වල වෛද්‍යවරුන්ගේ , හෙදියන්ගේ හිගතාවයට වෛද්‍යවරුන් ,හෙදියන් අනුයුක්ත කිරීම. රෝහල් හා සෞඛ්‍ය ආයතන වල පවතින ගොඩනැගිලි නඩත්තුව සදහා තාක්ෂණික නිළධාරීන් බදවා ගැනීම, පවතින ආර්ථික අර්බුදය හමුවේ මුදල් කළමණාකරණය කරමින් ගැටලු විසදීම, ස්වස්ථා නව දත්ත පද්ධතියේ පවතින තාක්ෂණික ගැටලු කඩිනමින් නිමකර එය සේවාවට එක්කර ගැනීම , ඩෙංගු මදුරුවන් බෝවීම පාලනයට ගතයුතු ක්‍රමවේදයන් හා මදුරු ව්‍යාප්තිය හදුනාගෙන එය පාලනයට පියවර ගැනීම, බහුකාර්ය සහයකයින් සෞඛ්‍ය කාර්ය සහයකයින් ලෙස රෝහල් සදහා බදවා ගැනීමට ගත යුතු පියවර, මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණය පිළිබදව ගත යුතු ඉදිරි පියවරයන් , ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම. රෝහල් වල තිබෙන MRI , CT SCAN ඇතුලු වෛද්‍ය උපකරණ වල පවතින ගැටලු නිරාකරණය කර කඩිනමින් රෝගී සත්කාර සේවාවට එක් කිරීම, විදේශීය රටවල පුහුණුව සදහා සහ රැකියාවන් සදහා යන වෛද්‍යවරුන් ප්රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීමට ඇති හැකියාව පිළිබදව. රෝහල් වල විදුලි , ජල බිල්පත් ගෙවීම් පිළිබදව . බෝවන රෝග හා බෝ නොවන රෝග පාලනය සදහා ජනතාව දැනුවත් කිරීම රෝගීන් හදුනා ගැනීමේ වැඩසටහන් දියත් කිරීම හා පැවැත්වෙන වැඩසටහන් ක්‍රමවත් කිරීමට කාර්ය මණ්ඩල යෙදවීම ආදී කරුණු පිලිබදව මෙම සමුළුවේදී අවධානය යොමුකළ අතර එම ගැටලු වලට කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන විසදුම්ද ඇතැම් ගැටලු සදහා ස්ථීර විසදුම්ද මෙහිදී ගනු ලැබිණි.
මෙම අවස්ථාවේදී ගැටලු සදහා ලබාගත් විසදුම් වල ප්‍රගතිය ඉදිරි රැස්වීමේදී අවධානයට ගැනීමට නියමිතය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ,
‘කොවිඩ් අර්බුද සමය බොහොම දුෂ්කර කාලයක් අපි ඒක ගත කළා. නමුත් ඊට පසු මෙම ආසන්න අවුරුදු තුන එම දුෂ්කර කාලයටත් වඩා අති දුෂ්කර කාලයක් වුණා. එය පෙර නොවී විරූ අති දුෂ්කරම කාලයක් වුණා. සියලුම ක්ෂේත්රවල ගැටළු එක වර මතුවන්න පටන් ගත්තා. ආර්ථික අර්බුදය සෑම ක්ෂේත්රයක්ම වෙලා ගත්තා.
ඇමැතිවරයා විදිහට මං හිතනවා අපිට බෑ සෞඛ්‍ය කියන ක්ෂේත්රය එක්තරා රාමුවකට කොටු කරන්න. සෞඛ්‍ය කියන්නේ සංවේදී අංශයක්. මිනිස් ජීවිත සමඟයි එය ගනුදෙනු කරන්නේ. කිසිම වැරැද්දකට සමාව දීමක් ,කරුණු පැහැදිලි කිරීමක් කරන්න බැරි ක්ෂේත්රයක්.
භාණ්ඩාගාරයත් සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් විශාල සැලැකිල්ලක් දක්වනවා.වැටුප් සහ විශ්‍රාම වැටුප් වලින් පසුව විශාල වශයෙන් වෙන් කිරීම් කරන්නේ සෞඛ්‍ය වෙනුවෙන්. මෙම ක්ෂේත්රයේ ගැටලු සැලකූ කල සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපට පෙනෙන්නේ අයිස් පරයේ මතුපිට තුඩ විතරයි. ක්ෂේත්රය තුළ මහජනතාව සමග ගැටෙන ඔබ සමග සාකච්ඡා කළ පසුවයි මෙම අයිස් පරයේ විශාලත්වය තේරෙන්නේ. විශාල වශයෙන් පෞද්ගලික සැපයුම් අත්හිටු වී තිබෙන්නේ මෙම ආර්ථික අර්බුදය නිසාය. මෙම සාකච්ඡා කළ කරුණු සියල්ල එකනෙකට ගෙන මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරන්න අවශ්‍ය පියවර ගන්නවා.
ඒ වගේම අපි රටට ඇත්ත කියන්න ඕනෑ. මොකද මහජනතාව චෝදනා කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්රයට පමණයි. අමාත්‍යවරයාගේ සිට සමස්ත සෞඛ්‍ය නිලධාරීන්ට මිනිස්සු චෝදනා කරනවා. නමුත් බොහොමයක් කරුණු සෞඛ්‍ය නිලධාරීන්ගේ නොහැකියාව, නොසැලකිල්ල නිසා සිදුවුණු ඒවා නොවෙයි.
මාධ්‍ය මගින් ඖෂධවලට ගොඩක් චෝදනා කළා. පසුව සොයා ගත්තා ඇතැම් මාධ්‍ය මඟින් සැබැවින්ම මෙය සැලැසුම් සහගතව එල්ල කළ ප්‍රහාරයක් බව. නමුත් අපි අඩුපාඩු හඳුනාගෙන ඉදිරියට යා යුතුයි.’
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු අතිරේක ලේකම්වරුන්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සියලුම නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් ද ඇතුළු පිරිසක් ද සහභාගී වූහ .