මෙම වසරේ ගත දෙවැනි කාර්තුව තුළ ද වගා හානි වාර්තා වෙමින් පවතින බවත් මෙම කාර්තුව අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන බවද එම ආයතනය පෙන්වා දෙයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම වසරේ වනසතුන්ගෙන් සිදු වූ වගා හානි සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දීමක් එමආයතනයට දැනුම් දී තිබේ.
මෙම වගා හානි අතරින් වැඩිම වගා හානියක් සිදු කර තිබෙන්නේ රිළවුන්ගෙන් බව පෙනී ගොස් ඇත. වගා හානි සිදු කරන අනෙකුත් සතුන් අතර පිළිවෙළින්වල් ඌරා, මොණරා, දඩුලේනා, ඉත්තෑවා හා වදුරන් ද අයත් වේ.
වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලීම පරීදි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හාපුහුණු ආයතනය පසුගිය වසරේ දී ගොවි ජන සේවා වසම් 464ක වගා හානි සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කර ඇත.
එම වාර්තාව අනුව ද මෙරට වගාවන්ට වැඩිපුරම හානි කරන සත්වයා රිළවා බව සනාථ විය.
විශේෂයෙන් පොල් ත්‍රිකෝණය තුළ පසුගිය වසරට පමණක් පොල් ගෙඩි මිලියන 200ක් රිළවුන් විනාශ කර දමා ඇති බවද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ පරීක්ෂණවලින් හෙළි වී තිබේ.