ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ඩිජිටල් පහසුකම් සැමට සමාන ව ලබා දීමට දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාකාරී සැලැස්මක් සැකසේ

    ජූලි 04, 2023

    දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකට ම ඩිජිටල් පහසුකම් සමාන ආකාරයෙන් බෙදී යාම සහ විෂමතාවන් අවම කර ගනිමින් ඵලදායී ඩිජිටල් සංවර්තනයක් ඇතිකිරීමට අවශ්‍ය උපාය මාර්ග හඳුන්වා දීමට ස්ථාපිත කරන ලද දිස්ත්‍රික් ඩිජිටල් සංවර්තන කමිටු (District Digital Transformation Committee) සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර තිබේ.

    ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික් ඩිජිටල් සංවර්තන කමිටුව සඳහා මෙම ප්‍රථම ක්‍රියාකාරී සැලැස්ම සැකසීම තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා සිදු කෙරිණි.

    දිස්ත්‍රික් ඩිජිටල් සංවර්තන කමිටු මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 21ක ස්ථාපිත කර අවසන් අතර දිස්ත්‍රික්කයේ ඩිජිටල් සංවර්තනය සම්බන්ධයෙන් බලපානගැටලු හඳුනා ගෙන ඒ සඳහා උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම මෙම කමිටුව මඟින් සිදු කෙරේ.

    දිස්ත්‍රික් ලේකම්වරයා සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ සාමාජිකයින් තිස් දෙනෙකුගෙන් මෙම ක්‍රියාකාරී කමිටුව සමන්විත වන අතර උසස් අධ්‍යාපනආයතන, වෘත්තීය පුහුණු ආයතන, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික තරුණ සේවා සභාව ඇතුළු ආයතනවලනියෝජිතයන් මෙන් ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා නිදහස් තොරතුරු තාක්ෂණවේදීන් ඒ අතර වෙයි. ඔවුන්ගේ අදහස්, යෝජනා ඒකරාශී කරගනිමින් මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබේ.

    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණනියෝජිතායතනය (ICTA) මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට දායකත්වය ලබා දී තිබේ.

    විශේෂයෙන් ම ශ්‍රී ලංකාවට ඩිජිටල් ආර්ථිකයක ප්‍රතිලාභ අත් කර ගැනීම සඳහා දිස්ත්‍රික්කය තුළ පදනම සකස් කිරීමට ඉවහල් වන කරුණු ද මෙම ක්‍රියාකාරීසැලැස්මට එක් කර ඇත.

    මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා;

    “ඩිජිටල්කරණය හරහා රාජ්‍ය සේවාව බල ගැන්වීමටත් ශක්තිමත් කිරීමටත් හැකියි. ඒ සඳහා පියවර රැසක් ගෙන තිබෙනවා. දැනට තිබෙන ජාතිකහැඳුනුම්පත වෙනුවට ඩිජිටල් හැදුනුම්පතක් ලබා දීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඉන්දීය රජය ඒ සඳහා මුදල් ආධාර ලබා දීතිබෙනවා. රාජ්‍ය සේවාවන් සඳහා මුදල් ගෙවීම් ඉ-ගෙවීම් වශයෙන් පමණක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා දැනුම් දී තිබෙනවා. ඒ සඳහානියමු ව්‍යාපෘතියක් ඉතා නුදුරේ දී ම ආරම්භ කරනවා. අද අපට තිබෙන තවත් අභියෝගයක් තමයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ශ්‍රමිකයින් හිඟ වීම. දත්ත තමයි අද වටිනා ම සම්පත. ඒවා රැක ගැනීමත් අභියෝගයක්. සයිබර් ආරක්ෂක පනත ගේන්නේ මෙවැනි අභියෝග ජය ගැනීමටයි. ”

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ජනතාවශක්තිමත් කරමින් රටේ තිරසර සංවර්ධනය ඇති කිරීමේ අරමුණෙන් ජනාධිපතිවරයා ඩිජිටල් ශ්‍රී ලංකා 2030 ආරම්භ කළ බවත් ඒ අරමුණ සාර්ථක කරගැනීමට නම් කාරණා කිහිපයක් සම්පූර්ණ කර ගත යුතු බවයි. පැහැදිලි වැඩපිළිවෙළ, එහි ප්‍රතිලාභ දිවයින පුරා ගෙන යන යාන්ත්‍රණයක් සකස් කිරීම සහදිස්ත්‍රික් ඩිජිටල් සුදානම් දර්ශකයත් එයට පහසුවක් වනු ඇති බවත් හෙතෙම කියා සිටී.

    වැඩිදුරටත් අදහස් දැක්වූ මහේෂ් පෙරේරා මහතා;

    අද වන විට ජනතාව සවිබල ගන්වන්න රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරන්න තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් සිටිනවා. ඒකට එක උදාහරණයක් තමයිඉන්දියාව. ඔවුන් ජනතා කේන්ද්‍රීය මාර්ගගත සේවාවන් 3400ක් පමණ ලබා දෙනවා. බංගලාදේශයේ එම ගණන 1900කට ආසන්න වෙනවා. අපේ රටෙත්සේවාවන් රැසක් එසේ ලබා දෙනවා. නමුත් එම සේවාවන් තවදුරටත් නව්‍යකරණය කළ යුතු වෙනවා. ”

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සමීර ජයවර්ධන මහතා ඩිජිටල් ආර්ථික ක්‍රියාවලියප්‍රායෝගික ව රටේ සියලු ස්ථර වෙත ගෙන යෑම ඉතා වැදගත් වන බවත් ඒ සඳහා මෙම දිස්ත්‍රික් ඩිජිටල් සංවර්තන කමිටු ශක්තිමත් යාන්ත්‍රණයක් වශයෙන්යොදා ගත හැකි බවත් පෙන්වා දුන්නේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya