ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ආණ්ඩුවකට අවශ්‍ය නීති නොව, රටට හා ජනතාවට ආවශ්‍ය නීති සැකසිය යුතුයි- පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන්න විරෝධයක් නෑ

    ජූලි 05, 2023

    පනතක් ගේන්න ඕන ආණ්ඩුවට ඕන නීති හදන්න නොවේ රටට හා ජනතාවට අවශ්‍ය නීති හදන්නයි. අපි ආණ්ඩුවට ඕන නීති හෝ ආණ්ඩුව රකින නීති ගේන්නේ නෑ.නීති ප්‍රතිසංස්කරණයට අවශ්‍ය දේ අධ්‍යයනය කරලා, නිසි පරිදි අනපනත් ගේන්න හෝ සංශෝධනය කරන්න, පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන්න විරෝධයක් නෑ. ඊට එකඟතාව කරනවා'' යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, ඉදිරිපත් කළ අධිකරණ නඩු කටයුතු ප්‍රමාද වීම හා නිතිය පසිදලීම ප්‍රමාද වීම සම්බන්ධව සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ යෝජනාවට අඳහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මේ අඳහස් පල කළේ ය.

    ඉතා වැදගත් යෝජනාවක් ගෙනාවේ.නඩු ප්‍රමාදය සාධාරණීය කරන්න බෑ.වසර අටසියයකට කලිනුත් මහා බ්‍රිතාන්‍යෑත් මේ ප්‍රශ්නය තිබිලා තිබුණා.රටින් රටට වෙනස් වෙමින් පවතින ප්‍රශ්නයක්. අපි පිළිගන්නවා,විනිසුරන් ඉන්න ප්‍රතිශතය අඩුයි කියලා.ආර්ථික තත්ත්වය නිසා අධිකරණ විශාල ලෙස පටන් ගන්න බෑ.ඉදිරි මාස කීපය තුළ අධිකරණ තිස් ගණනක් වැඩි කරන්න පියවර ගෙන තිබෙනවා.මෙ ඉ මස 11 දින රත්නපුර අධිකරණ සංකීර්ණය විවෘත කරන්නට තිබෙනවා.

    මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 17ක් අදිකරණ ශාලා 04ක නිරන්තරයෙන් නඩු ඇසීමේ කටයුතු සිදු කරනවා. පවතින නඩු සඞඛ්‍යාව 5482ක්. අභියාචනා අධිකරණයේ විනිසුරුවරු සංඛ්‍යාව 20ක්.අභියාචනාධිකරණ 10ක් ක්‍රියාත්මකයි. නඩු සංඛ්‍යාව 3423ක්. සිවිල් අභියාචනාධිකරණයේ අධිකරණ 22ක් තිබෙනවා. නඩු සංඛ්‍යාව 6800ක්. වානිජ මහාධිකරණ 4ක් තිබෙනවා. තව එක් අධිකරණයක් ඉදිරි මාසයේ දී පිහිටුවනවා. වානිජ අධිකරණයට විශේෂ අවධානයක් යොමු කිරීම රටේ ආර්ථිකයට ඉතා වැදගත්.

    එම අධිකරණයේ නඩු සංඛ්‍යාව 8376ක්. විමසීම සඳහා තිබෙන්නේ නඩු 2568ක්. අපරාධ මහාධිකරණ තිබෙනවා, 48ක්. නඩු තිබෙනවා 29,723ක්. දිසා අධිකරණ 61හි තිබෙනවා, නඩු 263,481ක්. මහේස්ත්‍රාත් අධිකරණවල 803642ක් නඩු තිබෙනවා. ළමා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 1108ක්.කම්කරු විනිශ්චය සභාවල නඩු 5225ක් තිබෙනවා. මේ අනුව 11, 27,265ක් සමස්ත නඩු සංඛ්‍යාවක් මේ වනවිට අධිකරණ වල පවතිනවා.

    විනිසුරුවරු සංඛ්‍යාව 399ක් සිටින්නේ. අපරාධ මහාධිකරණවල තිබෙන නඩු 29,723න් ළමා අපචාර නඩු 5550ක් තිබෙනවා.ඉන් 4312ක් ස්ත්‍රි දූෂණ නඩු.මේ දෙකේ එකතුව 9862ක් තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස ලැජ්ජා විය යුතු කාරණයක්. කණගාරු විය යුතුයි මහාධිකරණ නඩුවලින් තුනෙන් එකක්,හරියටම සියයට 33%ක් තිබෙන්නේ ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ නඩු.
    ලෝකය මේවා දෙස බලලා මිම්මක් ගන්නවා. අපරාධ හා අපචාර නතර කිරීම සඳහා පියවර ගත් යුතුයි. මිනි මැරීම් හා මිනී මැරීමට තැත් කිරීම, 3286ක්.විෂ මත්ද්‍රව්‍ය 3376ක්. නඩු සමස්තයෙන් සියයට 22%ක්. ළමා අපචාර ස්ත්‍රී දූෂ හා මේ නඩු සියල්ල ගත්තාම සියයට 55%ක් . දිසා අධිකරණවල 2019 වසරේ පවරපු නඩු සංඛ්‍යාවෙන් සියයට 77%ක් විමසා අවසන් කරලා තිබෙනවා. සිවිල් නඩු පවරපු නඩු සංඛ්‍යාවෙන් සියයට 89%ක් අවසන් කර තිබෙනවා. එය ප්‍රසස්ථ මට්ටමක්. අධිකරණ සේවා කොමිෂමේ තිබෙනවා,පුරප්පාඩු විතරක් 1175කට වැඩි ප්‍රමාණයක්. සුළු සේවක පුරප්පාඩු තිබුණා. බහුකාර්ය සේවකයින්ගෙන් 550කට වැඩි අපේ අමාත්‍යාංශයට අනුයුක්ත කරන්න කටයුතු කළා. ඒ ප්‍රශ්නය දැන් විසදෙමින් පවතිනවා. අධිකරණ නිලධාරින් බදවා ගැනීමට ඉදිරි වසරේ කටයුතු කිරීමට සිදු වෙනවා.
    අද විශාල අවධානයක් යොමු කරන්නට සිදු වී තිබෙනවා වානිජ නඩු සම්බන්ධව. ඒ වෙනුවෙන් අලුත් අනපනත් ගණනාවක් සකස් කරමින් යනවා. බේරුම්කරණ පනතක් අලුතෙන් කෙටුම්පත් කර තිබෙනවා. බේරුම්කරණය පිළිබඳ පනතක් සකස් වෙමින් පවතිනවා. වස්තු භංගත්වය පිළිබඳ පනතක් සම්පාදනය වෙමින් පවතිනවා. සමථකරණය සාර්ථක නිසා සියයට 70%ක ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා.සමථකරණ සීමාව ලක්ෂ 05 සිට ලක්ෂ 10 දක්වා වැඩි කළා. දූෂණ විරෝධි පනත ගේනාවම ඒකටත් විරුද්ධ වෙනවා. පනතක් ගේන්න ඕන ආණ්ඩුවට ඕන නීති හදන්න නොවේ රටට හා ජනතාවට අවශ්‍ය නීති හදන්නයි. දූෂණ විරෝධී පනතක් මගින් අපි ආණ්ඩුවක් ආරක්ෂා කරනවද? ජනාධිපති ආරක්ෂා කරනවද? නැහැ... මේ රටේ ජනතාව දන්නවා, රටේ දූෂණය වළක්වන්න ඕන,ඊට නීතියක් ඕන, කියලා ජනතාව දන්නවා.අපි ආණ්ඩුවට ඕන නීති හෝ ආණ්ඩුව රකින නීති ගේන්නේ නෑ. එතැන ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ.අපි ගේන්නේ රටට අවශ්‍ය නීති'' යැයි අමාත්‍යවරයා පැවසීය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya