ජූනි 15, 2025
tami eng youtube  twitter facebook

    අසාධාරණයක් සිදුවන අයගේ පැමිණිලි අඛණ්ඩව භාරගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නවා - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    ජූලි 05, 2023

    අසාධාරණයක් සිදුවන අයගේ පැමිණිලි අඛණ්ඩව භාරගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගැනීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී බස්රථයේ නියමිත බස් ගාස්තුව ප්‍රදර්ශනය නොකෙරන බවටත්, අවම ත්‍රීවිල් ගාස්තුව
    රුපියල් 70.00 ක් වශයෙන් වන නමුත් රුපියල් 100.00 ක් අය කිරීමත් සම්බන්ධව මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැනයකට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    මාර්ගස්ථ මඟී ප්‍රවාහන සේවා අධිකාරියේ නියමයන්ට අනුව සෑම බස්රථයකම බස් ගාස්තුව ප්‍රදර්ශනය කළ යුතු වේ. නමුත් මේ වන විට ඇතැම් බස්රථ වල එය ප්‍රදර්ශනය නොවෙන බවත්, අවම ත්‍රීවිල් ගාස්තුව රුපියල් 70.00 ක්
    වශයෙන් වන නමුත් රුපියල් 100.00 ක් අය කිරීම මඟින් මඟීන්ට දැඩි අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුවේ. බස්රථ නියාමනය කිරීමේ අධිකාරිමය බලය ඇත්තේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බව මෙහි දී සඳහන් කළ
    අමාත්‍යවරයා දේශපාලනමය වශයෙන් හෝ ඇමතිවරයාගේ මැදිහත්වීමකින් තොරව බස්ගාස්තු වෙනස් කිරීම පිළිබඳව තීරණය ගනු ලබන බවත්, ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යවරයාගේ අනුමැතිය පමණක් අවශ්‍ය බවත් හෙතෙම පැවසීය.

    කෙසේ නමුත්, මෙවර ගාස්තු වැඩි කිරීමක් හෝ අඩු කිරීමක් සිදු නොකෙරුණු බවත් සඳහන් කළ අමාත්‍යවරයා මාධ්‍යවේදියා විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධව සහ මඟීන්ට අසාධාරණයක් වන ආකාරයේ ගාස්තු අය කිරීම සම්බන්ධව ඍජුව ඒ අවස්ථාවේ දීම ඊට සුදුසු ක්‍රියාමාර්ග ගත හැකි ආකාරයේ පැමිණිලි කළ හැකි ස්ථානයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ලෙසත්, අසාධාරණයක් සිදුවන අයගේ පැමිණිලි අඛණ්ඩව භාරගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගැනීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya