ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    නව වී ප්‍රභේද 04ක් හඳුන්වා දෙයි

    ජූලි 07, 2023

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2022 වර්ෂය තුළ නව වී ප්‍රභේද 04ක් හඳුන්වා දී ඇත.

    2022 වසර සඳහා වන කාර්යසාධන වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.


    ඒ අනුව Ld 376, BG 377, At 378, BG 381 යන වී වර්ග 04 හෙක්ටයාර් එකකට වැඩිම වී අස්වැන්නක් ලබා දෙන වී වර්ග වශයෙන් හදුන්වා දී ඇත.


    එයින් Ld 376 වී ප්‍රභේදය හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 4-6 දක්වා අස්වැන්නක් වියළි හා තෙත් කළාපයේ කුඹුරුවලින් ලබා ගත හැකිය.


    එසේම BG 377 වී ප්‍රභේදය ද වියළි කලාපයේ කුඹුරුවල පහසුවෙන් වගා කළ හැකි අතර හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 6.5ක අස්වැන්නක් ලබා ගත හැකි වේ. At 378 වි ප්‍රභේදය වියළි හා තෙත් කලාපවල වගා කළ හැකි වී ප්‍රභේදයක් වන අතර තෙත් කළාපයේ කුඹුරුවලින් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 5.3ක් හා වියලි කළාපයේ කුඹුරුවලින් හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 7.3ක අස්වැන්නක් මෙම වී ප්‍රභේදය වගා කිරීම මගින් ලබා ගැනීමට හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.


    BG 381 වී ප්‍රභේදය ද ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වී ප්‍රභේදයකි. විශේෂයෙන් සහල් ආශ්‍රිත වෙනත් නිෂ්පාදන සඳහා ඉතාමත් සාර්ථකව යොදා ගත හැකි අතර හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 6.5ක අස්වැන්නක් ලබා ගත හැකි වේ.
    එසේම මෙරටට ආවේණික වී ප්‍රභේද දෙකක් වන මඩතවාලු හා සුදු හීනටි වී ප්‍රභේද දෙක මගින් අනෙකුත් සාම්ප්‍රදායික වී වර්ගවලට වඩා වැඩි අස්වැන්නක් කාබනික පොහොර යෙදීම මගින් ලබා ගත හැකි බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදු කරන ලද පර්යේෂණ අනුව තහවුරු වී තිබේ.


    මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනට අපේ රටට බාස්මතී සහල් ආනයනය සිදු කරන බැවින් අප රටේ වගා කළ හැකි බාස්මතී විශේෂයක් සම්බන්ධව පර්යේෂණ සිදු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya