ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    නුගේගොඩ නගරයේ විදුලි රැහැන් යටිබහන් කිරීමේ ව්‍යාපෘතිය ජාතික පද්ධතියට

    ජූලි 10, 2023

    නුගේගොඩ නගරයේ විදුලි රැහැන් යටිබහන් කිරීමේ ව්‍යාපෘතිය ජාතික පද්ධතිය සමග එකතු කිරීම (07) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලිබල අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

    1930 දශකයේ බ්‍රිතාන්‍යන් විසින් කොළඹ නගරය සහ ගාලු කොටුව විදුලි රැහැන් භූගත කිරීමේ ව්‍යපෘති වලින් පසුව සිදු කරන ලද ප්‍රධාන නගර ව්‍යපෘතිය ලෙස ලංකා විදුලි (පුද්ගලික) සමාගම (LECO), විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුණි.

    මෙම ව්‍යාපෘතිය මගින් රථ වාහන අනතුරුවලින් සහ අයහපත් කාලගුණයෙන් සිදු වන විදුලිය බිඳ වැටීම් වලක්වා ගැනීමට, විදුලියෙන් සිදු වන අනතුරු වලක්වා ගැනීමට, ප්‍රමිතියෙන් යුත් විදුලි සැපයුමක් ලබා දීමට සහ නඩත්තු කටයුතු පහසු කිරීම සිදු වනු ඇත.

    තවද ලෙකෝ ආයතනයේ මීළඟ ව්‍යාපෘතිය මීගමුව නගරයේ සිදු කිරීමට බලාපොරොත්තු වන අතර
    මෙම අවස්ථාවට සමගාමීව මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය ලබා දුන් නිළධාරීන් සහ පාර්ශවයන් ඇගයීමද සිදු කරනු ලැබුණි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya