ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    අධි ඝනත්ව වගා (UHDP -Ultra High Density Plantation ) කෘෂි තාක්ෂණය පළමු වරට මෙරට වගාවට

    අගෝස්තු 08, 2023

    අඹ ගස් හා පේර ගස් වෙනුවට අඹ වැල් හා පේරවැල් හදන නව Espalier System සහ අධි ඝනත්ව වගා UHDP -Ultra High Density Plantation කෘෂි තාක්ෂණය පළමු වරට මෙරට වගාවට හඳුන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පියවර ගෙන ඇත.

    මේ වනවිට මෙම නව කෘෂි තාක්ෂණය දඹුල්ල වෑවල ප්‍රදේශයේ පිහිටා ඇති කෘෂිකාර්මික උද්‍යානය ( A Park- Agricultural park) තුළ සාර්ථක වී තිබේ. ගොවීන් විශාල පිරිසක් දැනට මෙම තාක්ෂණය උපයෝගී කර ගනිමින් අඹ හා පේර වගාව ආරම්භ කර ඇත.

    Espalier System කෘෂි තාක්ෂණය අඹ හා පේර ගස් වෙනුවට ඒවා වැළක් වශයෙන් පුහුණු කිරීම හා කප්පාදු සිදු කිරීමේ තාක්ෂණයයි.

    UHDP -Ultra High Density Plantation ක්‍රමය යනු අඩු බිම් කොටසක් තුළ වැඩිම පැළ ප්‍රමාණයක් රෝපණය කිරීමයි. සාම්ප්‍රදායික අඹ හා පේර වගාව තුළ අක්කරයකට අඹ පැළ 84ක් හා පේර පැළ 120ක් රෝපණය කළ ද මෙම වගා ක්‍රමය තුළ අක්කරයකට අඹ පැළ 560ක් හා පේරපැළ 1120ක් රෝපණය කළ හැකි බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසයි.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා වෑවල UHDP -Ultra High Density Plantation ක්‍රමය හා Espalier System යටතේ වගා කර ඇති වෑවල අඹ හා පේර වගාව නිරීක්ෂණය කළේය.

    එහි දී මෙම වගා ක්‍රමය මෙරටට හඳුන්වා දීමට කටයුතු කරන Dr. Jullien Welz මහතා සහ කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා සමග ද එම නව කෘෂි තාක්ෂණය පිළිබඳව සාකච්ඡා කර ඇත.

    අඩු බිම් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම මෙන්ම තරුණ ප්‍රජාව මෙම වගා ක්‍රමය සඳහා ආකර්ශණය කර ගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    මේ වනවිට දඹුල්ල වෑවල ප්‍රදේශයේ අක්කර 425ක ගොවීන් 496ක් සාර්ථකව මෙම ක්‍රමය යටතේ අඹ වගා කර ඇති අතර අක්කර 400ක ගොවීන් 350ක් පේර වගා කර තිබේ. කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මගින් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය, උපදෙස් හා වගා උපකරණ ද සපයයි. මේ යටතේ එක් ගොවියෙකුට අක්කර භාගයකින් රුපියල් ලක්ෂ 30- 50 දක්වා මුදලක් එක් වාරයකට ඉපයීමට හැකියාව ලැබි ඇති බව ද කෘෂි නවීකරණ ව්‍යාපෘතිය පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya