ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    වතු ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දැමිය හැක්කේ අධ්‍යාපනයෙන් පමණයි

    අගෝස්තු 10, 2023

    වතු ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දැමිය හැක්කේ අධ්‍යාපනයෙන් පමණක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (10)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ-ආර්ථික ගැටලු” පිළිබඳව සභාව කල් තැබීමේ අවස්ථාවේ විවාදයට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, වතු ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දැමීම දීර්ඝ කාළීන වැඩ පිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි.

    ඉන්දියාවේ සිටි ජනතාව 1823දී, තලෙයිමන්නාරමේ ඔස්සේ වතුකරකයට ගෙනවා. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ කළ මේ අපරාධය එදා සිදු වූ බරපතල වරදක්. එදා ඔවුන්ට නවතින්න දුන්නේ අශ්ව ගාලේ. දැන් ලැයිම කියන්නේ එම අශ්ව ගාලට. මේ අතීතය අපි තේරුම් ගත යුතුයි. මෙම කාරණාව පිළිබඳව සංවේදීව බැලිය යුතුයි. කඳුකරයේ වතු ආශ්‍රිත තරුණ තරුණියන්ට අධ්‍යාපනය ලබා දීමෙන් මෙම සිටින තත්වයෙන් ගොඩ ගැනීමට හැකි වෙයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. හොඳ සිංහල බෞද්ධයෙක් කියන්නේ හොඳ මානව හිතවාදියෙක්. මෙම ජනතාවගේ ප්‍රශ්න වලට බොහොම සංවේදී ලෙස සවන් දීමට සිදුවෙනවා. මෙම පිරිස අපේ ජනතාව යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya