ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක්

    අගෝස්තු 15, 2023

    කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    කුරුඳු සුළු අපනයන භෝගයට පමණක් විශේෂ අවදානයක් යොමුකිරීම සඳහා මෙලෙස වෙනමම දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කරන බවද මෙය කිසිසේත්ම විශාල පිරිසක් සිටිනා නව දෙපාර්තමේන්තුවක් නොවන අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේම සිටින විෂයානුබද්ධව දැනට කුරුඳු බෝගය සම්බන්ධයෙන් කටයුතු කරන කොටස් වෙනම පවතින දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීම සිදුකරන බවද අවධාරණය කළේය.

    ඒ සඳහා අලුත් දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල පිහිටුවීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

    කුරුඳු, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන වශයෙන් ඉතා විශාල වැදගත්කමකින් යුත් අපනයන බෝගයක් බවද රට තුළ කුරුඳු නිෂ්පාදනය තවදුරටත් සංවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ අපනයන විවිධාංගීකරණය, අපනයනය සඳහා වැඩි අගයක් එකතු කිරීම, අපනයන නවීකරණය සහ අපනයන වෙළඳපොළ ප්‍රසාරණය සඳහා අත්‍යවශ්‍ය කටයුත්තක් බවද අවධාරණය කළේය.

    සුළු අපනයන බෝගයක් වශයෙන් කුරුඳු විශාල විදේශ විනිමය ආදායමක් උපදවන අතරම ඒ සඳහා අගයන් එකතු කළහොත් අපට ජාත්‍යන්තර වෙළඳපොළේ නියම කුරුඳු තිබෙන්නේ අප රටට වීමේ වාසිය පදනම් කරගනිමින් විශාල විනිමය ප්‍රමාණයක් උපදවාගෙන ඒ තුළින් රටේ නිමවුම, ආදායම, සේවා නියුක්තිය ආදිය ඉහළ නංවා ගැනීමට ඉඩප්‍රස්ථාව සැලසෙන බවද පැවසුවේය.

    මේ සඳහා නිෂ්පාදන අපනයන සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට කුරුඳු නිෂ්පාදන වල ගුණාත්මකභාවය වර්ධනය කරගැනීමටත් අගය එකතු කිරීමටත් නිෂ්පාදන විවිධාංගීකරණය වැනි කරුණු සඳහා කුරුඳු වගාකරුවන් හා සැපයුම්කරුවන් මෙන්ම ආනයනකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා මෙම කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවන බවද සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya