ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    මාළු මිලේ අඩුවීමක් - ධීවර සංස්ථා සභාපති

    අගෝස්තු 16, 2023

    පසුගිය වකාවානුවේ දේශගුණික විපර්යාස හා නිරිත දිග මෝසම් සුළං හරිහැටි ක්‍රියාත්මක නොවීමෙන් හා වාරකන් කාලය හේතුකොටගෙන සීග්‍රයෙන් ඉහළ ගිය මාලු මිල මේ වන විට පහළ යමින් තිබෙන බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.වී.උපුල් මහතා අද (16) ධීවර අමාත්‍යංශයේ දි ධීවර අමාත්‍යවරයා දැනුවත් කරමින් පවස ඇත.

    මෙහිදි කරුණු දැක්වු සභාපතිවරයා, අද වන විට ලින්නන් මාලු මිල රුපියල් 400 ත් 500 ත් වන අතර කෙළවල්ලා රුපියල් 1100 දක්වාද, දැල්ලන් රුපියල් 700 දක්වාද, බලයා රුපියල් 700 දක්වාද මිළ අඩු වී තිබෙන බව පැවසීය.

    පසුගිය කාලයේ කෙළවල්ලා මාලු මිල රුපියල් 2200 ට අධික වු අතර අනිකුත් සියලු මාළු වර්ගයන් රුපියල් 1000 කට වඩා අධික විය. මේ නිසා පාරිභෝගික ජනතාව ඉමහත් අසහනයකට පත් වු අතර දැන් වාරකන් කාලය අවසාන වෙමින් පවතින බැවින් මාලු මිල පහත බැස ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. මේ නිසා පාරිභෝගික ජනතාවට ඉමහත් සහනයක් ලැබෙන බව ද ප්‍රකාශ කළේය.
    මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුලු නිලධාරීන් කිහිපදෙනකු සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya