ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    කළුතර ගල්ලස්ස විශේෂිත මාතෘ හා ළමා රෝහලේ ප්‍රතිකාර සේවාවන් ඔක්තෝම්බර් මැද ආරම්භ කිරීමට පියවර

    අගෝස්තු 23, 2023

    කළුතර ගල්ලස්ස විශේෂිත මාතෘ හා ළමා රෝහලේ ප්‍රතිකාර සේවාවන් ලබන ඔක්තෝම්බර් මැද වන විට ආරම්භ කිරීමට අවශය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹූක්වැල්ල මහතා (22) සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

    දැනට ඉදි කිරීම් කටයුතු අවසන් කර ඇති මෙම නව විශේෂිත මාතෘ හා ළමා රෝහලේ ප්‍රතිකාර සේවාවන් ආරම්භ කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙම විශේෂිත නව රෝහල සදහා අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනුයුක්ත කිරිමත්, අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමටත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබදවත් මෙහිදී අවධානය යොමු කෙරිණි.

    කාර්ය මණ්ඩලය අනුයුක්ත කිරීමේ දී යම් ගැටලුවක් ඇති වුවහොත් කඩිනමින් ඒ පිළිබදව තමන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    මහල් 07 කින් සමන්විත මෙම රෝහල ශල්‍යාගාර, සූතිකාගාර, දැඩිසත්කාර ඒකක, ඇතුලු සියළු පහසුකම් වලින් සමන්විත රෝහලක් වේ.

    මොරටුව විශ්ව විද්‍යාලයට බදවා ගැනීමට නියමිත වෛද්‍ය ශිෂ්‍යයන් හට සායනික පුහුණුව සදහා මහාචාර්ය ඒකකයක් කළුතර ශික්ෂණ රෝහල තුළ ඉදි කිරීම පිළිබදවත් මෙහිදී සාකච්චාවට ලක්විය.

    එමෙන්ම මහමෝදර නව මාතෘ රෝහලේ ඉදි කිරීම් කටයුතු හා වත්මන් තත්වය පිළිබදව විශේෂ සාකච්චාවක් ද (21) දින සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹූක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණි.

    මෙම නව මාතෘ රෝහල මේ වර්ෂය අවසාන වන විට ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීමට අවශය පියවර ගන්නා ලෙසටත් රෝහල සදහා අව‍ශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා අදාල නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

    සුනාමියෙන් දකුණු පළාතේ පිහිටි විශාලතම මාතෘ රෝහල වු ගාල්ල මහමෝදර රෝහලට සිදුවු හානිය දැක ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් මහතා විසින් ලබාදුන් රුපියල් කෝටි තුන්දහසක පරිත්‍යාගයෙන් නව මාතෘ රෝහල ඉදි කිරීම් කටයුතු 2005 වර්ෂයේ දී ආරම්භ කෙරිණි.

    මහල් හයකින් යුක්ත මෙම නව මාතෘ රෝහල ඇදන් 640 ක ධාරිතාවයකින් ද ශල්‍යාගාර 6 කින් ද හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩිසත්කාර ඒකක, විශේෂිත ළමා ඒකක ඇතුළු සියලුම නවීන වෛද්‍ය පහසුකම් වලින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    මෙම අවස්ථාවන් සදහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා, සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ද, කළුතර සහ මහමෝදර යන රෝහල් වල අධ්‍යක්ෂවරුන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya