ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    නියඟය හේතුවෙන් සිදු වූ වගා හානි සඳහා අක්කරයකට රුපියල් 40,000 බැගින් වන්දි - රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත්

    අගෝස්තු 24, 2023

    පවතින නියඟය හේතුවෙන් වගා හානියට පත් ගොවීන් සඳහා වන්දි වශයෙන් අක්කරයකට රුපියල් 40,000 බැගින් සහ හෙක්ටයාරයටකට රුපියල් ලක්ෂය බැගින් ගෙවීමට කෘෂි රක්ෂණ මණ්ඩලය තීන්දු කර ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, නියගය නිසා ඊයේ දින වන විට, අක්කර 51,479ක් වගා හානි සිදු වී ඇති බවයි. වී ගොවිතැන පමණක් අක්කර 51,055 හානි වී තිබේ. අනෙකුත් භෝග අක්කර 1000ක් පමණ හානි වී තිබේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    වී, මිරිස්, අර්තාපල්, ලොකු ලූණු සහ සෝයා රජය විසින් ස්වයංව රක්ෂණය කර තිබෙනවා.එම නිසා අක්කරයකට රුපියල් 40,000 බැගින් හෝ හේක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින් ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබෙනවා. නමුත් කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික් වල වගා හානිය මේ වන තෙක් වාර්තා වී නැහැ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya