ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    විජලනය වළක්වාගන්න ස්වභාවික දියර ආහාර දරුවන්ට දෙන්න - ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

    අගෝස්තු 29, 2023

    මෙම දිනවල පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන් විජලනයෙන් වළක්වාගැනීම සඳහා ස්වභාවික දියර ආහාර දරුවන්ට ලබාදෙන ලෙසද, වෙනදාට වැඩියෙන් ජලය පානයට දෙන ලෙසද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

    මේ දිනවල පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරමින්, (27) මාධ්‍යයට අදහස් දක්වමින් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසුවේය.

    මේ දිනවල හේතුවක් නොමැතිව සමහර දරුවන් ඇඬීම, ඇතැම් දරුවන්ට හිසරදය, වමනය, නිදිමත ගතිය ඇතිවීම, ඇතැම් දරුවන්ට නින්ද නොයෑම, ආහාර අරුචිය ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකි බවත් උණ නොමැතිව වුවද අධික උෂ්ණත්වය සහ දහඩිය දැමීම හේතුවෙන් මෙම රෝග ලක්ෂණ පැවතිය හැකි බවද අවධාරණය කළේය.

    අධික උෂ්ණත්වය හේතුවෙන් සමේ රෝගද ඇතිවිය හැකිබව කියාසිටි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙය අවම කරගැනීමට නම් සෑම දරුවෙකුම දිනකට දෙවරක් උදේට සහ සවසට විනාඩි 20 බැගින් ස්නානය කිරීම සුදුසු බවද පැවසුවේය.

    මෙම දිනවල ජලය අඩු ප්‍රදේශ ඇතැයිද එවැනි ප්‍රදේශ වල වුවද දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කරන ලෙසද අපිරිසිදු ජලය පානයෙන් දරුවන්ට පාචන තත්ත්වයන් ඇතිවිය හැකි බවද ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya