ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    වෙඳගම පාරම්පරික වෛද්‍ය ගම්මානයේ වෛද්‍යවරුන්ට ඔප්පු

    අගෝස්තු 29, 2023

    වෙඳගම පාරම්පරික වෛද්‍ය ගම්මානයේ වෛද්‍යවරුන් සඳහා පෞද්ගලිකව එම ඉඩම් වල අයිතිය ලබාදීම සඳහා ඔප්පු ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මෙරට හෙළ වෙදකම ඔසවා තැබීම සඳහාත් පාරම්පරික වෛද්‍යවරුන්ට ඇගයීමක්, ගෞරවයක් ලබාදීම සඳහාත් ගම්පහා දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ වෙදගම ආදර්ශ ගම්මානයක් පාරම්පරික වෛද්‍යවරුන් සඳහා බිහි කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    එම වෛද්‍යවරු එකම ස්ථානයකට පැමිණ වෛද්‍යවරු විශාල පිරිසක් ගමක් ලෙස සෑදී පසුගිය කාලය තුළ මෙරට ජනතාවට විශාල සේවයක් සිදුකළ බව පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා මෙම ඉඩම් වල අක්කරයක පමණ භූමි ප්‍රමාණයක් වෛද්‍යවරු 25 දෙනෙකුට බෙදාදී තිබුණත් ඔවුන්ට නීත්‍යනුකූලව එහි අයිතිය නොතිබූ බවද සිහිපත් කළේය.

    මෙම ඉඩම් අක්කර ප්‍රමාණය සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සෞඛ්‍ය ලේකම්වරයා නමට තිබුණු කියා සිටි අමාත්‍යවරයා, නීතිපතිගේ උපදෙස් ලබාගෙන පාරම්පරික වෛද්‍යවරුන්ටම මෙම ඉඩමේ අයිතිය හිමිවන පරිදි දීමනා පත්‍රයක් මගින් අයිතිය තහවුරු කරදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදුන් බවද වැඩිදුරටත් පැවසුවේය.

    මෙහිදී පාරම්පරික වෛද්‍යවරු ඒකරාශී කරමින් සහ පාරම්පරික වෛද්‍යවරුන්ට හිමි නිසි ස්ථානය ලබාදීම වෙනුවෙන් විශේෂ උත්සාහයක් දේශීය වෛද්‍ය කටයුතු බාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නීතීඥ සිසිර ජයකොඩි ඇමතිතුමා ඉෂ්ඨ කරන බවද ප්‍රකාශ වුණු බවද ඒ අනූව සෞඛ්‍ය ඇමතිතුමා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya