ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    බස්නාහිර පළාතේ විද්‍යුත් බස් රථ ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් - ප්‍රවාහන අමාත්‍ය

    අගෝස්තු 29, 2023

    ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යුත් බස්රථ ධාවනය ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතියක් බවත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ හවුල් ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

     රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය

    කැබිනට් තීන් අපේක්‍ෂිත ප්‍රතිලාභ තහවුරු කර ගනිමින් එකී බස්රථ මඟින් වැඩි මාර්ග ප්‍රමාණයක් සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සැලසීමට හැකි වන අයුරින් යෝජිත් ව්‍යාපෘතිය යටතේ ධාවනයේ යොදවනු ලබන විද්‍යුත් බස්රථ සංඛ්‍යාව 200ක් පමණ දක්වා ඉහළ නැංවීම වඩාත් යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

     
    ඒ අනුව, බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් ධාවනයට යෙදවීම පිණිස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් විද්‍යුත් බස්රථ 50 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා 27 දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ.

    එහෙත්, එම ව්‍යාපෘතිය මඟි ප්‍රවාහන හා මහාමාර්ග අමත්‍යවරයා වශයෙන් තමන් ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙන බව හෙතෙම මෙහි දී පැවසීය.
    පොසිල ඉන්ධන භාවිතයෙන් මිදී විකල්ප බලශක්ති ප්‍රවාහනය සඳහා භාවිතා කිරීමට ලොව බොහෝ රටවල් යොමුව තිබෙන අතර විදුලිය බවට පරිවර්තනය වීමේ දැවැන්ත ක්‍රියාවලියක් ලොව තුළ සිදු වෙමින් තිබේ.
    ඒ අනුව, ඉන්දියාව, බංග්ලාදේශය, සිංගප්පූරුව, කොරියාව, ජපානය වැනි රටවල් පොදු ප්‍රවාහනය සඳහා විදුලි බස් රථ භාවිතා කරනු ලැබේ. මෙරටට විදුළි බස්රථ සඳහා මුදල් ආයෝජනයට ශක්‍යතාවයක් නොමැති හෙයින් ජාත්‍යන්තර සමාගම් වලට ඉදිරිපත්ව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ හවුල් ව්‍යාපෘතියක් වශයෙන් බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස විදුලි බස්රථ ධාවනය කිරීමට මෙමඟින් සිදු කෙරේ.

    මෙරට බස්රථ ධාවනයට අවසර තිබෙන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ පුද්ගලික බස්රථ වලට පමණි. විදේශ ආයෝජකයින් විසින් පොදු ප්‍රවාහනය යටතේ විදුලි බස් රථ 200 ක් මෙරටට රැගෙන විත් දිවයින පුරා විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන සවි කිරීමට කටයුතු කර ලංගම යටතේ ලංකාව තුළ ධාවනය කර එමඟින් ලැබෙන අදායම තුළින් විදේශ ආයෝජකයින්ගේ ආයෝජන පියවාගැනීමට කටයුතු කෙරෙන අතර එම ආයෝජන පියවා අවසන් කළ පසු ලංකා ගමනාගමන මණ්ඩලයට එම බස්රථ පවරා දීම සිදු කෙරෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya