ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ජාතික රූපවාහිනිය මේ රටේ නිෂ්පාදන ආර්ථිකය හා බද්ධව කටයුතු කරන ආයතනයක්- ජනමාධ්‍ය අමාත්‍ය

    අගෝස්තු 30, 2023

    “ජාතික රූපවාහිනිය මේ රටේ නිෂ්පාදන ආර්ථිකය හා බද්ධව කටයුතු කරන ආයතනයක්. නිෂ්පාදන ආර්ථිකයේ ඇති වී තිබෙන නැගිටීම් බිඳ වැටීම් මෙන්ම ආදර්ශයන් රටේ ජනතාව සමග සංවාදශීලව හුවමාරු කරගැනීමට හැකි වී තිබෙන බව මා විශ්වාස කරනවා”

    දේශීය යාන්ත්‍රණය මුල් කරගනිමින් දේශීය කර්මාන්තකරුවා නව තාක්ෂණය හා යාවත්කාලීන කරමින් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා ප්‍රවර්ධනය කිරිමේ රජයේ අපේක්ෂාව පෙරදැරි කරගෙන රූපවාහිනිය හා කාර්මාක මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන Industry Sri Lnaka වැඩසටහන දියත් කිරිමේ අවස්ථාව ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී (29) පැවැති අතර ඊට එක් වෙමින් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

    ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා සහ ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා අත්සන් කිරීම සිදු කෙරුණු අතර අනුග්‍රාහක ගිවිසුම අත්සන් කිරිම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසාද් සමරසිංහ මහතා සහ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික නිලධාරි කෙනඩි මයිකල් මහතා අතර සිදු විය. මේ අවස්ථාවට බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුවද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya