ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර මිනිමුතු මෝර දිනය  සැමරේ

    අගෝස්තු 31, 2023

     

    ජාත්‍යන්තර මිනිමුතු මෝර දිනය ( Whale Shark Day) (30) දින යෙදී තිබුනි.

    වාර්ෂිකව අගෝස්තු මස 30 වැනි දිනමිනිමුතු මෝර දිනය පළමුවරට ප්‍රකාශ කරනු ලැබුවේ 2008 වර්ෂයේදී පැවති ජාත්‍යන්තර මිනිමුතු මෝරුන් සමුළුවේදීය.ඒ මිනිමුතු මෝරුන් පිළිබඳ දැනුවත් කිරීම, ඔවුන්ගේ වැදගත්කම සහ ගහණය අඩුවීම සඳහා වන පියවරක් ලෙස සාගර ක්‍රියාකාරීන් සහ මෝර විශේෂඥයින් පිරිසකගේ සහභාගීත්වයෙනි.


    මිනිමුතු මෝරා Whale Shark ( _Rhincodontypus_) යනු Chondrichthyes වර්ගයේ(ප්‍රධාන වශයෙන් කාටිලේජ වලින් සමන්විත අස්ථි පද්ධතියකින් යුත්) මත්ස්‍යයෙකි. ඔවුන් ලෝකයේ දැනට ජීවත්වන විශාලතම මත්ස්‍ය විශේෂය වන අතර උපරිම අඩි 65ක් පමණ වර්ධනය වේ.


    විශාල දේහයක් සහිත් මෙම මාළු විශේෂයේ ආහාර වනුයේ ප්ලවාංග වේ. මීට අමතරව කකුළුවන්, කීටයන්, කුඩමසුන් හා දැල්ලන් ද ආහාර කර ගනී. මිනිමුතු මෝරුන් විවිධ මත්ස්‍යයන්ගේ අභිජනන බිම් වල සැරිසරන අතර එම මසුන්ගේ බිත්තර හා කීට අවස්ථා ආහාර කරගත් බවට වාර්තා වී ඇත.

    නිවර්තන හා උණුසුම් සෞම්‍ය කලාපීය සාගර ආශ්‍රිතව සුලබ මිනිමුතු මෝරුන් ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයේ ද වාර්තා වේ.
    ආහාර දාමයේ පහළින් ඇති ජීවී විශේෂයන්වල ගහන පාලනය සිදු කරන මිනිමුතු මෝරුන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙස IUCN රතු දත්ත වාර්තා පෙන්වා දෙයි.


    ඔවුන්ට ඇති මූලික තර්ජන අතරට, පෙරා බුදීමේ ආහාර රටාව නිසා ක්ෂුද්‍ර ප්ලාස්ටික් හා සමූද්‍ර අපද්‍රව්‍ය ශරීරගත වීම, නියාමනය නොකළ ධීවර කර්මාන්තය, තිරසාර නොවන සංචාරක ව්‍යාපාරය, යාත්‍රා වැඩ වර්ජන, සමුද්‍ර දූෂණය සහ ධීවර ආම්පන්න (Long line ) වල පැටලීම, Gill net වලට හසු වීම වැනි දේ ඇතුළත් වේ. වසර ගණනාවක් ඇතුළත ඔවුන්ගේ සංඛ්‍යාවෙහි අඩුවීමක් දක්නට ලැබෙන බැවින් සංරක්ෂණ උපාය මාර්ග වැඩිදියුණු කිරීම ඉතා වැදගත් වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya