ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    සිරම්බිඅඩියට අන්තර්ජාතික අවධානය දිනාගත හැකි සංස්කෘතික මධ්‍යස්ථානයක්

    සැප්තැම්බර් 13, 2023

    පුත්තලම සිරම්බිඅඩි ප්‍රදේශයේ ජීවත් වන අප්‍රිකානු සම්බ්භයක් සහිත ශ්‍රී ලාංකිකයින්ට (කැෆර්වරුන්ට) අන්තර්ජාතික අවධානය දිනාගත හැකි සංස්කෘතික මධ්‍යස්ථානයක් ලබාදෙන බව කම්කරු හා විදේශ රැකියා
    අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    සිරම්බිඅඩි ඇතුළු ප්‍රදේශ කිහිපයකට සීමා වී ඇති අප්‍රිකානු සම්භයක් සහිත ශ්‍රී ලාංකික ජන කොට්ඨාශය සම්බන්ධයෙන් වන සිය අධ්‍යයන කටයුත්තක් සදහා අමාත්‍යවරයා එම ප්‍රදේශයට ගිය අතරතුර දී අමාත්‍යවරයා මෙම සහතිකය ලබා දී තිබේ.

    සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් මෙම ජන කොට්ඨාශයේ සක්‍රීය දායකත්වක් ලබාගැනීමත්, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත්, සිය සංස්කෘතිකාංග අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය දායකත්වය ලබාදීමටත් අන්තර්ජාතික අවධානය දිනාගත හැකි මෙම සංස්කෘතික මධ්‍යස්ථානය ලබාදෙන බව මෙහි දී ප්‍රකාශ කළේය.

    අප්‍රිකානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකික ජන කොට්ඨාශයේ ඉතිහාසය, රැකියා තත්වයන් හා සංස්කෘතිකාංග සම්බන්ධව එහි ජීවත්වන වැඩිහිටියන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර තොරතුරු ලබාගත් අතර එහි තරුණ පරපුරේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමු ව තිබේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya