ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    එක්පස් පර්ල් සිව්වන අදියරේ වන්දි කරවල කර්මාන්තයේ නියුතු ධීවරයන්ට සහ අනෙකුත් ධීවරයන්ට

    සැප්තැම්බර් 14, 2023

    එක්පස් පර්ල් සිව්වන අදියරේ වන්දි කරවල කර්මාන්තයේ නියුතු ධීවරයන්ටත් අනෙකුත් ධීවර ආශ්‍රිත රැකියාවල නියුක්ත පුද්ගලයන්ට ලබාදිමට පියවර ගන්නවා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

     

    එක්පස් පර්ල් නෞකාව මගින් විපතට පත් මිගමුව ප්‍රදේශයේ කරවල කර්මාන්තයේ යෙදෙන ධීවර කාර්මිකයන් පිරිසක් පසුගියදා  ධීවර අමාත්‍යංශයේදි අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

    මෙම පිරිස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි  නිමල් ලන්සා මහතා විසින් අමාත්‍යවරයා වෙන යොමු කෙරුණු අතර තම කර්මාන්තයට එම නෞකාව මගින් සිදු වු හානිය පිළිබද ඔවුන් මෙහිදී අමාත්‍යවරයාට පැහැදිළි කළහ.

    මෙහිදි ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මිගමුව කලපුව ආශ්‍රිත ප්‍රදේශය මුලික කර ගනිමින් හා මිගමුව වෙරළ තීරය උපයෝගි කර ගනිමින් තම කරවල කර්මාන්තය සිදු කර ගොන යන අතරේ නෞකා හානියත් සමග තම කර්මාන්තයද අහිමි වු බවත් වෙරළ තිරයේ කරවල වේලිම කර නතර කර දැමිමට සිදු විම තුලින් තම ආර්ථිකයට දැඩි බල පැමක් එල්ල වු අතර ඒ පිලිබද සොයා බලා අපගේ කර්මාන්තයට සිදු වු අලාභය වෙනුවෙන් වන්දියක් ලබා දිමට පියවර ගන්නා ලෙසයි.

    මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ එක්පස් පර්ල් නෞකාවේ හානිය නිසා මෙරට ධීවර කර්මාන්තයට දැඩි බල පැමක් එල්ල වු බව අමුතුවෙන් සදහන් කළයුතු කරුණක් නොවන අතර අමාත්‍යවරයා ලෙස තමන් හා අපගේ නිලධාරින් සමග එක්ව ධීවරයන්ට සිදු වු අලාභ හානිවලට වන්දි ලබාදිම අදියර කිහිපයක් යටතේ සිදු කර ඇති අතර කරවල ආශ්‍රිතව කර්මාන්තයේ නියලෙන කාර්මාන්ත කරුවන්ගෙන් හානියටපත් වුවන් පිලිබද සොයා බලා කඩිනමින් ඔවුන්ට වන්දි ලබාදිමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසිය.

    මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුලු නිලධාරින් පිරිසක් සහභාගි විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya