ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තු අත්පත් කරගත් අක්කර 25000ක් නැවත ගොවීන්ට ලබාදීමට අවශ්‍ය කටයුතු සොයාබලනවා - අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි

    සැප්තැම්බර් 12, 2023


    මොනරාගල ප්‍රදේශයේ ගොවීන් විසින් දිගු කාලයක් භුක්ති විඳින ලද නමුත් නැවත ගැසට් කිරීමේදී වන ජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතට පවරාගත් ඉඩම් නැවත ගොවීන්ට ලබාදීමට ගතහැකි පියවර කඩිනමින් සොයාබලන බව වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.


    ඉකුත් දා වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමිය හා මොනරාගල ප්‍රදේශයේ ගොවීන් අතර අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යතුමිය මේ බව පැවසුවාය.
    එහිදී ගොවින්ට නිසි පරිදි අක්කර පහ බැගින් අක්කර 25 000ක් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු කරන බව අමාත්‍යතුමිය එහිදී වැඩිදුරටත් පැවසීය.
    පැමිණ සිටින ගොවීන් පැවසුවේ මේ වන විට තමන් වගා කටයුතු කරමින් සිටි ඉඩම්ද අදාළ දෙපාර්තමේන්තු ඔවුන් යටතට පත්කොට ඇති හෙයින් ගොවීන් ඉතාමත් අසරණ තත්වයට පත්ව සිටින බවයි.
    එහිදී ඒ සම්බන්ධයෙන් ඔවුහු සිතියම් සටහන්ද ඉතිරිපත් කර ඒ පිළිබඳව අමාත්‍යතුමිය දැනුම්වත් කළහ.
    ඒ සම්බන්ධයෙන් අමාත්‍යතුමියට පැහැදිළි කරමින් ඌව වෙල්ලස්ස පාරම්පරික හේන් ගොවි සංවිධානයේ සභාපති ඩී.එච්. විජේරත්න මහතා පැවසුවේ පවුල් 4000කට පමණ මේ සිදුවීමෙන් ජීවිකාව අහිමිවී ඇති බවයි.
    මේ ඉඩම් වසර 30ක් 40ක් තිස්සේ ඔවුන් වගාකළ ඉඩම් බවත්, යම් ප්‍රමාණයක ඉඩම්වල පිටපළාත්වලින් පැමිණි පිරිස් විශාල ගවපට්ටි එම ඉඩම්වලට ඇතුල් කර ඇති බවත්, ඌව වෙල්ලස්ස පාරම්පරික හේන් ගොවි සංවිධානයේ සභාපතිවරයා පැවසීය.
    ගොවීන්ගේ ඉල්ලීම් සළකා බැලූ අමාත්‍යතුමිය පැවසුවේ සිතියම් සටහන් සළකා බලා ගොවීන්ට වගාකටයුතු සිදු කිරීම සඳහා වන ජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ සාකච්ඡා කර තාවකාලිකව අදාළ ඉඩම් නිදහස් කිරීමට හැකි උපරිම උත්සාහය යොදන බවයි.
    මෙම අවස්ථාවට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන්ති රණසිංහ මහත්මිය, වන සංරක්ෂණ ජනරාල් ආචාර්ය කේ.එම්.ඒ.බණ්ඩාර, අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ යන මහත්ම මහත්මීන්ද, ඌව වෙල්ලස්ස පාරම්පරික හේන් ගොවි සංවිධානයේ සභාපති ඩී.එච්. විජේරත්න මහතා ඇතුලු මොනරාගල සියඹලාණ්ඩුව, කොටියාගල ප්‍රදේශයේ ගොවීහුද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya