ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ තිස් නවයෙන් තිහක්ම ලාබ ලබනවා - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ඔක්තෝබර් 03, 2023

    නව සභාපති වරයා පත්වෙනකොට ශ්‍රී ලංගම ඩිපෝ 39ට පඩි ගෙවන්නවත් ආදායමක් තිබුණේ නැහැ. දැන් ඩිපෝ නමයකටයි පඩි ගෙවන්න බැරි 30 කට ම පඩි ගෙවන්න පුළුවන් ආදායමක් ලබනවා යැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දිනක ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ දී පැවති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බඳවා ගන්නා ලද නව කොන්දොස්තර, රියදුරු පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    අලුතින් බඳවා ගන්නා ලද කොන්දොස්තර රියැදුරු මහතුන් සිය දෙනෙකු සඳහා මෙහිදී පත්වීමයි ලිපි ප්‍රදානය කෙරිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ජාතිය සතු සම්පතක් නිසා එයින් ලැබෙන ලාභයෙන් කොටසකකින් එය උපද්දවන්න සම්බන්ධ වෙන අයට පඩි වැඩිකරලා දෙන්න පුළුවන්, දිරිදීමනා දෙන්න පුළුවන්, සෞඛ්‍ය ආරක්ෂණයක් ලබා දෙන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම කරන්න ඩිපෝ එක ලාභ ලබන්න ඕන. නව සභාපති වරයා පත්වන කොට ඩිපෝව 39 ටම පඩි ගෙවන්න ආදායමක් තිබුණේ නැහැ.නමුත් දැන් පඩි ගෙවන්න බැරි ඩිපෝව නමයකට පමණයි. ඩිපෝ ඩිපෝ තිහක්ම පඩි ගෙවන්න පුළුවන් ආදායමක් ලබනවා. බස් එකට නගින ඔක්කොමලාට ටිකට් දීලා ඒ ලැබෙන ආදායම දවසගානේ හෘදසාක්ෂියට එකඟවත් අවංකවත් ඩිපෝ එකට බැන්දොත් ඩිපෝ ඔක්කොම ලාබ ලබනවා. අපේ කොන්දොස්තර මහත්තුරු රියදුරු මහත්තුර කරන්නේ දවසේ ලැබෙන ආදායමෙන් කොටසක් ඩිපෝ එකට බැඳලා කොටසක් තමන්ගේ ගෙවල් වලට අරගෙන යන එකයි. ඒ නිසා මේවාට සම්බන්ධ වෙන තිස් පස් දෙනෙක් පමණ දවසකට වැඩ තහනම් වෙනවා. ඒ වැඩ වලට සම්බන්ධ වෙලා අමාරුවේ වැටෙන්න එපා. අද සිට ඔබලා රජයේ සේවකයෝ රජයේ සේවකයෝ හොරකම් කළොත්, වංචා කළොත් ඒකට ඉතා විශාල දඬුවමකට ලක් වෙනවා.

    දුම්රිය රියදුරු මහත්තයෙක් අපි හොරකම් කරනවා කියලා එයා හොරකම් කරල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි දුෂණ වංචා එකටයි ඉදිරිපත් කරලා තියෙනවා. රජයේ රියදුරාගේ ගිණුමට ලක්ෂ 42 ලක්ශ 31 වශයෙන් බැර වෙච්ච ගිණුම් අංක අපි අපරාධ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම කරන්නේ පුද්ගලික අමනාපයකට එහෙම නෙවෙයි අනෙක් අයට ආදර්ශයක් වෙලා මෙම ආයතන පවත්වාගෙන යාම සඳහායි. ඒ නිසා තමුන්ට වටිනා මනුස්ස ජීවිතයක් තියෙනවා මේ අය වැඩි දෙනෙක් තරුණ අය ආයතනය රැකගෙන මහන්සි වෙලා වැඩ කලොත් තමන්ටත් හොඳ දියුණුවක් ළඟා කරගන්න පුළුවන්. ඉස්සර ලංගම රියදුරු මහත්තයෙකුට කොන්දොස්තර මහත්තයෙකට විශාල පිළිගැනීමක් ගෞරවයක් සමාජයේ තිබුණා. රස්සාවෙන් විශ්‍රාම යනකොට මිනිසුන් ඔවුන් වෙනුවෙන් උපහාර උත්සව පැවැත්වූවා. එවැනි තත්ත්වයකට එන්න අලුත් පරම්පරාවේ අය ලෙස ඔබ වැඩ කරලා විනයගරුකව ලංගමයට ආදරෙයන් තමන් වැඩ කරන බස් රියට ආදරෙන් කටයුතු කළොත් ඔබට හොඳ හෙටක් තියේවි.
    ඉදිරියේදී බස්නාහිර පළාතට විදුලි බස්රථ දෙසීයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. 2030 වන විට මුළු ලංකාවේම පොදු ප්‍රවාහනය විදුලි බස්රථ වෙන්න ඕන. ඉලෙක්ට්‍රොනික් ටිකට්පතක් ලබා දෙන වැඩපිළිවෙළ ද මෙම වසර අවසන් වීමට පෙර නිම කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් එල්. එච්. තිලකරත්න, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු එස්. එම්. ඩී. එල්. කේ. ඩි. අල්විස්, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහත්වරුන් ඇතුළු පිරිසක් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya