ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    KOICA- කෘෂිකර්ම අංශයේ නිලධාරින් හා විද්‍යාඥයින් සඳහා පුහුණු පාඨාමාලා ලබා දීමේ වැඩපිළිවෙල යළි ඇරඹේ

    ඔක්තෝබර් 10, 2023

     

    KOICA- කෘෂිකර්ම අංශයේ නිලධාරින් හා විද්‍යාඥයින් සඳහා පුහුණු පාඨාමාලා ලබා දීමේ වැඩපිළිවෙල යළි ඇරඹේ

    කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය ( KOICA) යටතේ මෙරට කෘෂිකර්ම අංශයේ නිලධාරින් හා විද්‍යාඥයින් සඳහා පුහුණු පාඨාමාලා ලබා දීමේ වැඩපිළිවෙල යළි ආරම්භ කරන ලෙස මෙරට දකුණු කොරියානු තානාපති H.E. Miyon Lee මහත්මිය පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශයේදී හමුවූ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලිමක් කර තිබේ.මේ පිළිබඳව කොරියානු රජයට එම ඉල්ලීම යොමු කරන බව ඇය එහිදී සඳහන් කර ඇත.


    විශේෂයෙන් වී අස්වනු ඉහළ නැංවීම, රසායනික පොහොර හා කාබනික පොහොර භාවිතය, ජාන තාක්ෂණය උපයෝගී කර ගනිමින් උසස් බීජ නිෂ්පාදනය, කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණය යොදා ගැනීම හා දකුණු කොරියාව හා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ නිලධාරින් සඳහා පුහුණු කිරීම වැනි කරුණු ගණනාවක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කර තිබේ.


    මෙහිදී පොහොර භාවිතය සම්බන්ධව අදහස් පළ කළ තානාපතිවරිය දකුණු කොරියාව කෘෂිකර්මාන්තයෙන් උසස් අස්වැන්නක් ලබා ගැනීම සඳහා රසායනික පොහොර සහ කාබනික පොහොර යන දෙවර්ගයම භාවිතා කරන බවත්, දකුණු කොරියානු ගොවීන් ඒ සඳහා මනාව පුහුණු කර ඇති බවත් සඳහන් කළාය.

    වී ඇතුළු අනෙකුත් බෝගවලින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට නම් රසායනික හා කාබනික පොහොර යන වර්ග දෙකම භාවිතා කිරීම මගින් උසස් ප්‍රතිඵල ලබා ගත හැකි බව ද ඇය ප්‍රකාශ කළාය.


    ශ්‍රී ලංකාවේ පශු සම්පත් සංවර්ධනය සම්බන්ධව තානාපතිවරිය ඉදිරිපත් කළ පැනයකට අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2020 තෙක් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනයෙන් අප රට ස්වයංපෝෂිත මට්ටමක පැවතියද පසුගිය වසර දෙක තුළ මෙරටට බලපෑ කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් එම කර්මාන්තවල යම් අඩාවල වීමක් සිදු වූ බව සඳහන් කළේය.


    නමුත් මේ වනවිට කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය නැවත වරක් ගොඩ නැඟෙමින් පවතින බවත්, ලබන වසරේ අප්‍රේල් මාසය වන විට නැවත වරක් මෙරට කුකුළු නිෂ්පාදන කර්මාන්ත අංශය විශාල වර්ධනයක් සිදු වනු ඇති බවට දැනට ගෙන ඇති පියවර මගින් සනාථ වී ඇති බවද වැඩිදුරටත් පැවසීය.


    මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya