ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වය පහළට

    ඔක්තෝබර් 10, 2023

    සමස්තයක් ලෙස දිවයිනේ ගංගා ද්‍රෝණි කිහිපයකට බලපැවැත්වුන ගංවතුර තත්වය බැස යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා පවසයි.

    නිල්වලා ගංගාවේ පහළ ඇතැම් ප්‍රදේශවල තවමත් ගංවතුර තත්වයක් පවතින අතර ගිංගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්වය බැසයමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් කීය.පසුගිය දින දෙක තුළ මෙම ගංගාවන්වල ධාරා ප්‍රදේශයන්ට සැළකිය යුතු මට්ටමේ වර්ෂාපතනයක් නොලැබීම ගංවතුර තත්වය බැසයාමට හේතුව බව හෙතෙම පෙන්වා දේ.එසේම ඉදිරි දින දෙකක කාලයේදී මෙම පවතින සියලු බලපෑම් සම්පූර්ණයෙන්ම ඉවත් වී යාමේ හැකියාවක් ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

    .
    කළු ගඟේ සහ අත්තනගලු ඔයේ පැවතුන බලපෑම් ද මේ වනවිට බොහෝදුරට ඉවත් වී පවතී.ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ජලයෙන් යටවී ඇති ස්ථාන පැවතුනද එම ස්ථානවල බලපෑමද අද වනවිට ඉවත්වී යා හැකි බව ඒ මහතා පෙන්වා දෙයි.


    එසේම බස්නාහිර සහ දකුණු පළාතේ ගාල්ල,මාතර දිස්ත්‍රික්ක හරහා ගලා බසින සියලු ගංගාවල ගංගාව තුළ ජලමට්ටම් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බැවින් ගංගා භාවිතයේදී සැළකිලිමත් වන ලෙස එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගෙන් ඒ මහතා ඉල්ලීමක් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya