මැයි 10, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ 74 වන සංවත්සරය අද

    ඔක්තෝබර් 10, 2023

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ 74 වන සංවත්සරය අදට යෙදී තිබේ.

    74 වන සංවත්සරය නිමිත්තෙන් පසුගිය සතිය පුරාම සැමරුම් උත්සව මාලාවක් සංවිධානය කර තිබුණි.
    සැමරුමට සමගාමීව සිදුකරනු ලබන ආගමික ආශිර්වාද ලබාගැනීමේ වැඩසටහන් මාලාව දිවයින පුරා රාජකාරියෙහි නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් රැසකගේ සහභාගිත්වයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පසුගිය බදාදා (27) දින පැවැත්විණි.
    යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා හමුදා සංවත්සර දින පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, යුධ හමුදාව සම්පත් කළමනාකරණයේදී ජාතියට ආදර්ශවත් වන අයුරින් නිසි ප්‍රමිතීන් සකස් කර නාස්තිය අවම කළ යුතු බවයි.

    1949 වසරේ ආරම්භ වූ යුධ හමුදාව ගෙවුණු වසර 73 ක කාලයක් පුරා රටට හා ජනජීවිතවලට එල්ල වූ විවිධ තර්ජන හා අභියෝගවලදී, මාතෘභූමියේ ස්වෛරීත්වයත්, භෞමික අඛණ්ඩතාවය සහ ජනජිවිතවල සුරක්‍ෂිතතාව වෙනුවෙන් ජාතියේ ආරක්‍ෂකයා වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉමහත් සේවයක් ඉටු කළේ ය.
    නිර්භීතභාවය, පක්ෂපාතිත්වය හා විශිෂ්ට කුසලතා සපිරි අභිමානයෙන් පිරිපුන්ව ශ්‍රී ලාංකේය ජාතියේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මහජන ගෞරවයට පාත්‍ර වී සිටි.

    රටේ ආරක්ෂාවට අමතරව ජාතික ආපදා, ව්‍යසන මෙන්ම හදිසි අවස්ථාවල ශ්‍රී ලංකා යුධ හමුදාව ක්‍රියාත්මක වූයේ මානුෂියත්වය පෙරදැරි කරගනිමිනි.

    පසුගිය වසරවලදී කොරෝනා උවදුරේදී සිය දිවි පරදුවට තබමින් අභීත රණවිරුවන් සිය නොනිමි මෙහෙවර ඉටු කළහ.

    ජනවර්ග අතර සුහදතාව හා සංහිඳියාව වර්ධනය කරමින් ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා යුධ හමුදාව ඉටු කරන මාහඟු මෙහෙවර මෙන්ම රටේ සංවර්ධන කාර්යය වෙනුවෙන් ද කැප වී ක්‍රියා කරන ඔවුන් මෙරටට සිදුකරන සේවය අතිමහත් ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya