ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    කුම්බිච්චන්කුලම වැවේ මත්සයින් මියයාම පිළිබඳ වහා පරික්ෂණයක් පවත්වන්න - ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද

    ඔක්තෝබර් 11, 2023

    අනුරාධපුර නගර මාධ්‍යයේ පිහිටා ඇති කුම්බිච්චන්කුලම වැවේ විශාල වශයෙන් මසුන් මිය යාම පිළිබඳ වහාම පරික්ෂණයක් පවත්වා තමා වෙත වාර්ථාවක් ලබා දෙන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමල් තේන්නකොන් මහතා සහ නැක්ඩා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අශෝකා මහත් මියට උපදෙස් ලබා දී ඇත.

    කුම්බිච්චන්කුලම වැවේ මත්ස්‍ය සම්පත මිය යාමට හේතුව දිලිර රෝගයක්ද නැතිනම් වෙනත්  හේතුවක්ද යන්න පරික්ෂණයක් පවත්වන ලෙස උපදෙස් ලබාදුන් අමාත්‍යවරයා එම පරික්ෂණ වාර්තාවේ නිගමන ලැබැණූ පසු මාධ්‍ය හරහා ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසුවේය.

    විශේෂයෙන් පුජා නගරයක් ලෙස ප්‍රකට අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම වැවේ මිය ගොස් ඇති මසුන් නිසා පරිසර දුෂණය සිදු වියහැකි බැවින් කඩිනමින් මිය ගොස් ඇති මසුන් ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු සලසන ලෙස අනුරාධපුර මහනගර සභාව දැනුවත් කරන ලෙස අමාත්‍ය වරයා අදාල නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya