ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    එළඹෙන 2024 වර්ෂය මේ රට ආර්ථික වර්ධනයක් කරා ගමන්කරන වර්ෂයක් - මුදල් රාජ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 20, 2023

     

    එළඹෙන 2024 වර්ෂය මේ රට ආර්ථික වර්ධනයක් කරා ගමන්කරන වර්ෂයක් බවට පත් වෙනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මුදල් සහ බදු පනත් කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙිමන් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    තව දින කිහිපයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණීමට හැකිවන බවද හෙතෙම සඳහන් කළේය. රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා වට රාශියක් පැවැත්වෙමින් තිබෙන අතර තවත් එකඟතා කිහිපයකට එලඹීමෙන් අනතුරුව අදාළ එකඟතාවට පැමිණෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    2024 වන විට වර්තමාන ගැටලු අපහසුතා සමනය වී ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදාවන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ලබන අයවැයෙන් ඒ සඳහා විශාල බලාපොරොත්තුවක් තැබිය හැකි බවද සඳහන් කළේය.

     

     

    ඇතැම් අය සතුටු වුණා මේ කාර්ය මණ්ඩල එකගතාවට නොපැමිණිම ගැන. ඒ හරහා දේශපාලන වාසි ගැනීමට හැකි සුදුසුම අවස්ථාව මෙය කියා ඔල්වරසන් දුන් පිරිසක් හිටියා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා වට රාශියක් පැවැත් වුවා.තව දින කිහිපයක් යද්දි කාරය මණ්ඩල එකගතාවයකට පැමිණිය හැකියි. මේ වන විට ඒ සඳහා සාකච්ඡා වට පැවැත් වෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya