ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    බස්නාහිර පළාතේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන දැනුවත් කෙරේ

    ඔක්තෝබර් 20, 2023

    බස්නාහිර පළාතේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන දැනුවත් කෙරේ...

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවල නියෝජිතයින්, තොරතුරු තාක්ෂණය හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ බස්නාහිර පළාත් වැඩසටහන 2023.10.18 හා 20 දෙදින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මෙහිදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකිරීමේදී තොරතුරු තාක්ෂණය උපයෝගි කරගත යුතු ආකාරය හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා මෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධව පුළුල් දැනුමක් බස්නාහිර පළාතේ බලපත්‍රලාභීන් වෙත ලබාදීමට කාර්යාංශය මෙහිදී කටයුතු කරන ලදී. ඊට අමතරව රැකියා නියෝජිතායතනවල සාමාජිකයින්ට ඔවුන්ට ඇති ගැටළු කාර්යාංශ නිළධාරින් වෙත සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාවද ලබාදුනි.

    කාර්යාංශයේ බලපත්‍ර අංශය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී .සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් වන එම්. ආර්. සී .බී. ඒකනායක, අනුර ලියන්වෙල යන මහත්වරුන් හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉන්දිරා පතිනායක, ඒ.කේ.යූ. රෝහණ, සෙනරත් යාපා, ප්‍රියන්ත සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya