ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ඊශ්‍රායල් පලස්තීන් යුධ ගැටුම් හේතුවෙන් අපහසුතාවයට පත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නවා

    ඔක්තෝබර් 21, 2023

    ඊශ්‍රායල් පලස්තීන් යුධ ගැටුම් හේතුවෙන් අපහසුතාවයට පත් වී සිටිනශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊශ්‍රායල්- පලස්තීන යුද ගැටුමට කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන මෙන් සියලු පාර්ශවයන්ගෙන් මෙන්ම සාමකාමී විසදුමක් සදහා ක්ෂණික

    මැදිහත්වීමක් සිදු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමට පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමිණි.

    එම යුධ ගැටුම් හේතුවෙන් දැනට මිය ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයා ඇතුළු අනෙක් රටවල සියළුම ශ්‍රමිකයින්ට, සහ ඔවුන්ගේ පවුල් වලට සිය ශෝඛය පළ කරන බවද අමාත්‍යවරයා කීය. එම රටවල සේවය කිරීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින සියළුම ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

    ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යාමාට සූදානම්ව සිටින පිරිස්ද ආරක්ෂිත තත්වය සළකා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම පැවසීය. මේ වන විටත් කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා මෙරට ශ්‍රමිකයින් දහසකට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලැබී ඇති බවත් , ඉදිරි ආරක්ෂක තත්වය සළකා බලා එම රැකියා සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවද මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසීය.

    මෙම යුද්ධය සාමාජීය අර්බුදයක් මෙන්ම ආර්ථික අර්බුදයක් බව පත් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රටක් හැටියට අපි මෙම ගැටලුවේ කොටස්කරුවෙකු බවට පත්වීම අනවශ්‍ය බවයි. අප මෙම අවස්ථාවේ කිසිදු පාර්ශවයකට එක් නොවී සාමාකාමී සහජීවනයෙන් ලෝකය දෙස බැලිය යුතු යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

    අපි යුද්ධයෙන් බැට කාපු රටක්. මෙම යුද්ධය දික් ගැස්සනොත් එය ලෝක ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද බලපානවා.ඉන්ධන බෙහෙත් හැම දේම සීමා වෙනවා. මැද පෙර දිග ආර්ථිකය අපට දක්වන සහයෝගය සුළු පටුව තකන්න බැහැ. අද අපිට වැඩිපුරම ඩොලර් එවන්නේ මැද පෙරදිග සිටින ශ්‍රමිකයෝ. එම කිසිම ශ්‍රමිකයෙකුගේ ජීවීතයට හානි වෙනවා නම් ඒ සඳහා රජය මැදිහත්වෙනවා.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya