ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීමට සහන මිලට වායු රයිෆල්

    ඔක්තෝබර් 23, 2023

    වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහන මිලට වායු රයිෆල් බෙදා දීම ඊයේ (22) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අගුනකොලපැලැස්සේ දී පැවැති වැඩසටහනක දී ආරම්භ කළ බව එම අමාත්‍යංශය පවසයි.

    පතරොම් තුවක්කු ලබා දෙන ලෙස ගොවීන් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීම් කර ඇති අතර අමාත්‍යවරයා පසුගියදා සහභාගී වූ වවුනියාව, කිළිනොච්චි, මුලතිව්, යාපනය හා පුත්තලම් දිස්ත්‍රික් කෘෂිකාර්මික කමිටු රැස්වීම්වලදීද මෙම ඉල්ලීම සිදු කර තිබේ.

    ඒ අනුව ඊයේ වායු රයිෆල් 268ක් ගොවීන් වෙත බෙදා දීමට කටයුතු යොදා ඇත.
    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා, වනසතුන්ගෙන් සිදුවන වගා හානි මේ වනවිට ඉහළ ගොස් ඇති අතර වගා හානි වළක්වා ගැනිම සඳහා තමන්ට පතරොම් තුවක්කු ලබා දෙන ලෙසට ගොවීන් නිරන්තරයෙන් ඉල්ලීම් කරන බව ද පැවසීය.
    පරිසර සංවිධාන වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කිරීමට වගාවන් වටා සාරි එල්ලීම, පොල්ගස්වල තහඩු බැඳීම මෙන්ම වගා කරන ගොවිපොළවලින් අක්කර භාගයක් වන සතුන් සඳහා වෙන් කිරීම වැනි යෝජනා කිසිසේත් ප්‍රායෝගික නොවන බව ද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
    එමනිසා වගා හානි වළක්වා ගැනීම සඳහා දරණ උත්සාහයක් වශයෙන් ගොවින්ගේ ඉල්ලීම පරිදි වායු රයිෆල් බෙදා දීමට පියවර ගත් බවත්, මේ සඳහා මෙම වර්ෂය තුළ මුල්‍ය ප්‍රතිපාදන රජය වෙන් කර දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
    කෙසේ වුවද තමන්ට සතුන්ට හානි කිරීම සඳහා පතරොම් තුවක්කු ලබා දිය නොහැකි බව සඳහන් කළ අමාත්‍යවරයා මෙම වායු රයිෆල් සතුන් මරා දැමීමට නොව ඔවුන් පළවා හැරීමට පමණක් උපයෝගි කර ගන්නා ලෙසත්, කිසිදු අවස්ථාවක මිනිසුන් සදහා මෙම වායු රයිෆල් භාවිතා නොකරන ලෙසත් ගොවීන්‌ගෙන් ඉල්ලා සිටියේය.
    යම් කිසි ගොවියෙක් මිනිසුන්ට හිංසා කිරීම සඳහා මෙම වායු රයිෆල් යොදා ගත හොත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව ද හෙතෙම සඳහන් කළේය.
    වගා හානි වැඩි වශයෙන්ම සිදු කරන්නේ රිළවුන්ය. මේ නිසා රිළවුන් ලක්ෂයක් චීනයේ සත්වොද්‍යාන වෙත ලබා දීමට අවශ්‍ය මුලික පියවර ගත්තද පරිසර සංවිධාන නඩු පැවරීම නිසා එම වැඩ පිළිවෙළ කඩාකප්පල් විය. තවත් රටවල් කිහිපයකින් මෙරට රිළවුන්ට ඉල්ලීම් ඉදිරිපත් වුවද මෙම අධිකරණමය තීන්දුව නිසා එම වැඩපිළිවෙල සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වී තිබේ.
    මේ වනවිට වන සතුන්ගෙන් සිදුවන වගා හානි ඉහළ ගොස් ඇති අතර වගා හානි සිදු කරන සතුන් අතර රිළවා, මොණරා හා දඬුලේනා ප්‍රමුඛත්වය උසුලයි. දැනට මෙම සතුන් ආරක්ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් කර ඇති අතර වන අලින් තවදුරටත් ආරක්ෂිත සත්ව ලැයිස්තුවේ ඇතුළත්ව සිටී.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya